1993 සිට ව්‍යාපෘති පාදක කර ගත් පාරිසරික බලපෑම් ඇගැයීම ශ්‍රී ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වේ. ව්‍යාපෘති පාදක කර ගත් පාරිසරික බලපෑම් ඇගැයීම මගින් යම් ව්‍යාපෘතියකින් එල්ල වන පාරිසරික බලපෑම් නිවැරැදිව හඳුනා ගත්ත ද ව්‍යාපෘති කිහිපයකින් සිදුවන පාරිසරික බලපෑම සමස්තයක් ලෙස හඳුනා ගැනීමට ව්‍යාපෘති පාදක කර ගත් පාරිසරික බලපෑම් ඇගැයීම අසමත් වේ. මෙහි දී උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය වඩා ප්‍රයෝජනවත් විය හැකි යි, මක් නිසා ද උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය ඉහළ පාලන ස්ථරයකින් ක්‍රියාවට නැංවීමේ දී යම් ප්‍රතිපත්තියකින්, සැලසුමකින් හෝ ව්‍යාපෘතියකින් එල්ල විය හැකි පාරිසරික බලපෑම් එම ඉහළ පාලන ස්ථරයේ දී ම විමසුමට ලක් කළ හැකි බැවිනි.
ශ්‍රී ලංකාව තුළ උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය මේ වන විට අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස නො ගැනේ. කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ සැලසුම් සම්පාදනයේ දී උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය ස්ථාපිත කිරීම අනුමත කර තිබේ. නව ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ සැලසුම් සම්පාදනයේ නියැළෙන සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් අදාල ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණයක් සිදු කළ යුතු වේ.
ව්‍යාපෘති යෝජකයින් ගේ සහ ව්‍යාපෘති අනුමත කරන ආයතනවල පහසුව තකා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශන කිහිපයක් සම්පාදනය කර තිබේ. පහත දක්වා ඇති ප්‍රකාශන මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබා ගත හැකි යි.
පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 1 - ව්‍යාපෘති අනුමත කරන ආයතන සඳහා පොදු උපදෙස්, 2006 : රු. 100.00
පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 2 - පාරිසරික සීමාවන් පවත්වා ගැනීම සඳහා පොදු උපදෙස්, 2003 : රු. 100.00
ශ්‍රී ලංකාවේ මහා මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා වන පාරිසරික උපදෙස්, 1997 : රු. 300.00
කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා වන පාරිසරික උපදෙස්, 1997 : රු. 300.00
පාරිසරික බලපෑම් ඇගැයීම පිළබඳ සරල ප්‍රශ්න සහ පිළිතුරු, 2005 : රු. 30.00
පාරිසරික තත්ත්ව පිළිබඳ වන වැදගත්කම සංවර්ධන සැලසුම් තුළට ඇතුළත් කිරීම සඳහා පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ මහත් කාර්ය භාරයක් සිදු කරයි.
පාරිසරික බලපෑම් ඇගැයීම යම් ව්‍යාපෘතියක් පරිසරයට බලපෑම් එල්ල කළ හැකි ආකාරය කල් තියා හඳුනා ගැනීමට උපකාර වේ. එසේම යම් ව්‍යාපෘතියකින් ඇති කෙරෙන අහිතකර බලපෑම් අවම කර ගැනීම මගින් දේශීය පරිසරයට හිතකර තත්ත්වයට එම ව්‍යාපෘතිය ගෙන ඒම ද මෙමගින් සිදු වේ. මෙය නිලධාරීන්ට තීරණ ගැනීම පහසු කරවන යාන්ත්‍රණයක් ලෙස ද ව්‍යාපෘතියේ නියැළෙන්නාගේ අරමුණු වඩා සාර්ථකව සාක්ෂාත් කර ගැනීමට උපකාර වන්නක් ලෙස ද වැදගත් වේ. එමනිසා පාරිසරික බලපෑම් ඇගැයීම ස්ථිරසාර සංවර්ධනය ට උපකාර වන ප්‍රධාන සැලසුම්කරණ ක්‍රමෝපායයක් වශයෙන් දැක්විය හැකි යි.
ජාතික පරිසර පනත සහ තවත් නීතීන් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස නම් කර තිබේ.
පරිසර බලපෑම් ඇගැයීම් ඒකකය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිසර අධ්‍යයන කේන්ද්‍රය හා සමගාමී ව, පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ දින 10ක පාඨමාලාවක් හඳුන්වා දී තිබේ. මෙමගින් පාරිසරික ගැටළු තක්සේරුකරණයේ සියළු ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ. මීට අමතරව, පරිසර බලපෑම් ඇගැයීම් ඒකකය විසින් පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ මූලික අවබෝධය ප්‍රචලිත කිරීම සඳහා කෙටි කාලීන පුහුණු පාඨමාලා ද පවත්වනු ලැබේ. පාරිසරික ගැටළු තක්සේරුකරණ යාන්ත්‍රණයෙහි නියැළි පුද්ගලයින්හට (රජය, පුද්ගලික අංශය, අධ්‍යයන අංශ සහ රාජ්‍ය නොවන අංශ) මෙම පාඨමාලා සඳහා ඇතුළත් විය හැකි යි. මෙම පාඨමාලා පිළිබඳ දැන්වීම් පුවත්පත් වලින් ප්‍රචාරය කරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




