Tamil-SriLankaEnglish (UK)

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම තුළින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් අපද්‍රව්‍ය කළමනාකරණ අංශය යටතේ 2018.06.01 වන දින ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය පිහිටුවන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය යටතේඇති ප්‍රධාන කර්තව්‍යයන් වශයෙන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ප්‍රතිපත්ති හා තාක්ෂණික මැදිහත් වීම, ක්‍රියාත්මක කිරීම හා බලාත්මක කිරීම සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හඳුනාගෙන ඇත.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික/පළාත්/දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිපත්ති/මාර්ගෝපදේශ/ සැලසුම් ඇති කිරීම, ප්‍රතිපත්ති හා තාක්ෂණික මැදිහත් වීම යන කර්තව්‍යයට අයත් වන අතර උක්ත කරුණු බලාත්මක කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙම ඒකකයේ දෙවන කර්තව්‍ය වශයෙන් හඳුනාගෙන ඇත. දොම්පෙ සනීපාරක්ෂක බිම් පිරවුමේ නඩත්තු කටයුතු හා ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම්, නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන කර්තව්‍යය යටතේ සිදු කෙරේ.

Friday, 03 May 2024 10:13 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න