Tamil-SriLankaEnglish (UK)

තිරසාර අනාගතයක් සඳහා ජාතික ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E-Waste) කළමනාකරණය ශක්තිමත් කරමු

මධ්‍යම පරිසර අධිකාරිය සහ Dialog Axiata PLC එක්ව 2026 අගෝස්තු 3 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී eKunu ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමින් අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර අමාත්‍යතුමා සහභාගී වූ අතර, ගරු ඇන්ටන් ජයකොඩි, නියෝජ්‍ය පරිසර අමාත්‍යතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා, Dialog Axiata ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Dialog Axiata PLC විසින් ආරම්භ කරන ලද eKunu වැඩසටහන, දිවයින පුරා ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E-Waste) එකතු කිරීමේ වැඩසටහනක් වන අතර, වගකීමෙන් යුතුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පරිසර හිතකාමී ලෙස එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.
මෙම හවුල්කාරිත්වය හරහා මධ්‍යම පරිසර අධිකාරිය සහ Dialog Axiata PLC එක්ව මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමත්, දිවයින පුරා පිහිටි Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා පහසු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ පහසුකම් පුළුල් කිරීමත් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් එහි අඩංගු අන්තරායකර ද්‍රව්‍ය පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. eKunu වැඩසටහන හරහා භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික උපකරණ වගකීමෙන් යුතුව භාරදීමෙන් එවැනි බලපෑම් අවම කිරීමටත්, ජාතික පාරිසරික තිරසාරත්ව අරමුණු ඉටු කිරීමටත් සෑම පුරවැසියෙකුටම දායක විය හැකිය.

016

 

004

008

012

019

020

 

Monday, 03 August 2026 10:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය