Tamil-SriLankaEnglish (UK)

ප්‍රාදේශීය මෙහෙයුම් අංශය

අරමුණ:

මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මගින් සීග්‍ර සේවාවක් සැපයීම තහවුරු කිරීම.

අභිමතාර්ථය:

ප්‍රාදේශීය කාර්යාලවල උන්නතිය සඳහා අවශ්‍ය සහයෝගී සේවාවන් සැපයීම,ඉහල සම්බන්ධීකරණය සහ ක්‍රමාණුකූල ප්‍රවේශයක් ඇතිකිරීම හරහා වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම මගින් පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වල කර්යය සාධනය ඉහල නැංවීම.

ප්‍රධාන වගකීම්:

  • ජාතික පාරිසරික පණතේ   ප්‍රතිපාදන, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී පළාත් හා දිස්ත්‍රික් කාර්යාල ජාලය තුල, කාර්යක්‍ෂම සහ ඵලදායී (සපල) කාර්ය සාධනයක් පවත්වා ගෙන යාම
  • මධ්‍යම පරිසර අධිකාරියේ අදාළ අංශ සහ ඒකක සමග සම්බන්ධීකරණය ඇතිව, පළාත් සහ දිස්ත්‍රික්ක කාර්යාල වල ක්‍රියාකාරකම් විධිවත් ආකාරයෙන් අනුකුලනය කිරීම
Monday, 17 February 2025 04:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය