Tamil-SriLankaEnglish (UK)

ස්වාභාවික සම්පත් කළමනාකරණ සහ පසු විපරම් ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ ස්වාභාවික සම්පත් කළමනාකරණ සහ පසුවිපරම් ඒකකය, ස්වාභාවික සම්පත් කළමනාකරණය හා අදාලව කටයුතු කරන අනෙකුත් ආයතන සහ අධිකාරියෙහි පළාත් සහ දිස්ත්‍රික් කාර්යාලයන් සමග සම්බන්ධීකරණය හා මාර්ගෝපදේශනය තුළින් රට තුළ පවතින ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස වගකීම දරයි.

මෙම ඒකකය මගින් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම හා ඒවායේ තිරසාර පැවැත්ම උදෙසා කළමනාකරණය, සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කටයුතු සිදු කිරීම, ජාතික පරිසර පනතේ ප්‍රතිපාදන අනුව ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාල රෙගුලාසි සම්පාදනය කිරීම, ස්වාභාවික සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කර ක්‍රියාත්මක කිරීම සහ ජාතික තෙත් බිම් ප්‍රතිපත්ති සහ උපායමාර්ග ක්‍රියාවට නැංවීම, ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර පැවැත්විම සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය, පරිසර ආරක්ෂක ප්‍රදේශ සහ තෙත් බිම් කළමනාකරණය ආදිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

ඒකකයේ ප්‍රධාන කටයුතු

තෙත් බිම් සංරක්ෂණය සහ කළමනාකරණය

ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය සහ උපායමාර්ග 2006 දී ප්‍රකාශයට පත් කෙරිණි. මෙම ප්‍රතිපත්තියෙහි සඳහන් කළමනාකරණ සැලසුම ක්‍රියාවට නැංවීම සහ සෑම වර්ෂයක ම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ජාතික වැඩ සටහන සහ පළාත් මට්ටමින් වැඩ සටහන් ද සෑම වසරක දී ම සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී තෙත් බිම් පිළිබඳ විස්තර ඇතුළත් ජාතික තෙත් බිම් නාමාවලිය, ලෝක සංරක්ෂන සංගමය (IUCN) සහ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) සමග ඒකාබද්ධව සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇති අතර එය යාවත්කාලීන කර පවත්වා ගෙන යනු ලැබේ.

ප්‍රජා සහභාගිත්වයෙන් තෙත් බිම් කළමනාකරණය උදෙසා ග්‍රාමීය තෙත් බිම් කළමනාකරණ කමිටු පිහිටුවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, තලංගම සහ මුතුරාජවෙල තෙත් බිම් සඳහා කළමනාකරණ කමිටු 2ක් පිහිටුවා ඇත.

පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සහ කළමනාකරණය

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත ට අනුව, පාරිසරික වශයෙන් සුවිශේෂී ප්‍රදේශ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරිම සිදු කෙරෙන අතර, එම ප්‍රදේශ තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතු නියාමනය කිරීම සිදු කරනු ලැබේ. එසේ ප්‍රකාශයට පත් කරන ලද යම් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් තුළ ක්‍රියාත්මක වන යම් සැලසුමක් හෝ ව්‍යාපෘතියක් ජාතික පාරිසරික පනතෙහි විධි විධාන වලට පටහැණි ව ක්‍රියාත්මක කිරීම සිදු කළ නොහැකි ය.

ජාතික පරිසර පනත ට අනුව නම් කරන ලද පාරිසරික රක්ෂිත ප්‍රදේශ පහත දක්වා ඇත.

  1. මුතුරාජවෙල පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2006.10.13 දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය)

  2. තලංගම පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය)

  3. ග්‍රෙගරි වැව පාරිසරික රක්ෂිත ප්‍රදේශය(2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය)

  4. නකල්ස් පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2007.07.23 දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය)

  5. මාරගල කඳ්‍ර පන්ති පාරිසරික රක්ෂිත ප්‍රදේශ (2008.08. 01 දිනැති අංක 1560/26 දරන ගැසට් නිවේදනය)

  6. වලවුවෙවත්ත, වතුරණ පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2009.04.24 දින අංක 1598/21 දරන ගැසට් නිවේදනය)

  7. බොල්ලොඩ පාරිසරික රක්ෂිත ප්‍රදේශ (2009.12.30 දින අංක 1634/23 දරන ගැසට් නිවේදනය)

  8. හන්තාන පාරිසරික රක්ෂිත ප්‍රදේශ (2010.02.17 දින අංක 1641/28 දරන ගැසට් නිවේදනය)

සියලුම පාරිසරික ආරක්ෂක ප්‍රදේශ වල තොරතුරු ඇතුළත් අත් පත්‍රිකා සකස් කර ඇත.
ප්‍රකාශයට පත් කරන ලද පාරිසරික ආරක්ෂක ප්‍රදේශ සඳහා කළමනාකරණ සැලසුම් සකස් කෙරෙමින් පවතී.

ජාතික පාරිසරික පනතෙහි 32වන වගන්තියට අනුව රෙගුලාසි සම්පාදනය කිරීම

  1. අධි බෑවුම් ප්‍රදේශ වල වාර්ෂික භෝග වගා කිරීම තහනම් කිරීම (අංක 1456/35 හා 2006.08.04 දිනැති ගැසට් නිවේදනය)

  2. වැලි සහ මැණික් සඳහා ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස යන්ත්‍රසූත්‍ර භාවිත කිරීම තහනම් කිරීම (අංක 1454/4 සහ 2006.07.17 දිනැති ගැසට් නිවේදනය)

Issuance of Environmental Recommendations for Non-prescribed activities / projects

Issuance of Environmental Recommendations, for activities which are not prescribed under the Provisions of Part IV C of the NEA, such as Erection of Telecommunication towers, Hotels having less than 99 rooms, Blocking out of land for Real Estate Development, Felling of tree, River bed mining, Extraction of mineral resources, Land Authority of issuing of such recommendations has been delegated to the Provincial Offices the Central Environmental Authority.

ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම

ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා වන මාර්ගෝපදේශ අත්පොත සම්පාදනය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාල  පාර්ශවයන් නිරන්තර දැනුම්වත් කිරීම් සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ දිය ඇළි සංරක්ෂණය කිරීම

ශ්‍රී ලංකාවේ පිහිටි දිය ඇළි වල දර්ශනීයත්වයට හානි පැමිණෙන, කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඉදි කිරීම ඇතුළුව සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් වැළැක්වීම අරමුනු කර ගනිමින් දිය ඇළි 383ක් සඳහා සංරක්ෂණ උපායමාර්ගයන් අනුගමනය කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික සහ පාරිසරික වටිනාකමක් සහිත වෘක්ෂ ලතා සහ සංස්කෘතිකමය වැදගත්කමක් සහිත විශේෂිත හෝ දුර්ලභ ස්ථාන සංරක්ෂණය

වැදගත්, සුවිශේෂී වූ ස්ථාන සහ වෘක්ෂ ලතා සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන, මෙම ස්ථාන ආරක්ෂා කිරීම පිණිස මහජන සහභාගීත්වය, පුද්ගලික අංශයේ සහ රාජ්‍ය ආයතන වල දායකත්වයෙන් වැඩ සටහනක් ක්‍රියාත්මක වේ.


Friday, 03 November 2023 04:40 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න