Tamil-SriLankaEnglish (UK)

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා දීම.

Duly completed BIQ ( Basic Information Questionnaire) should submit along the project proposal to the CEA

වරායයෙන් ප්‍රතික්ෂේප කරන ලද ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ වැඩ පිළිවෙළ

යෝජනාව/ ඉල්ලීම පහත දැක්වෙන ලිපි ලේඛන සමග මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කිරීම

  • ශාක/සත්ත්ව නිරෝධායතනයේ අනුමැතිය

  • අදාල රේගු ප්‍රකාශන ආකෘති පත්‍ර

  • අපද්‍රව්‍ය බැහැර කිරිමට යෝජිත භූමිය අයත් වන කලාපයේ රාජ්‍ය ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද අනුමැතිය

  • අපද්‍රව්‍ය බැහැර කිරිමට යෝජිත භූමිය සඳහා වන මිනින්දෝරු සැලැස්ම

  • අදාල ක්‍රියාවලිය සඳහා අය කෙරෙන ගාස්තුව

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා දීමේ වැඩ පිළිවෙළ

ව්‍යාපෘති යෝජනාව සහ නිසි ලෙස සම්පූර්ණ කරන ලද BIQ මූලික තොරතුරු ප්‍රශ්නාවලිය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

 

දේශ සීමා අතර උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුමැතිය ලබා දීම

බාසල් සම්මුතියේ කරුණු ස්ථාපිත කරවීම (www.basel.int)

බාසල් සම්මුතියේ ජාතික නිල ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම සම්මුතියේ සඳහන් කර ඇති අපද්‍රව්‍ය ආනයනය, අපනයනය සහ බැහැර කිරීම සම්බන්ධයෙන් වන යෝජනා ස්ථාපනය කරවීම සිදු කෙරේ.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ වැඩ පිළිවෙළ

ශ්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් නොමැති බැවින් බාසල් සම්මුතියේ අ ලැයිස්තුව යටතේ දක්වා ඇති අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් වේ.

බාසල් සම්මුතියේ ආ  ලැයිස්තුව යටතේ දක්වා ඇති අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ආනයනිකයා/කර්මාන්තහිමියා විසින් මධ්‍යම පරිසර අධිකාරිය හෝ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වේ. පසුව එම යෝජනාව, බාසල් සම්මුතියේ යෝජනා ස්ථාපිත කිරිම සඳහා වන විශේෂඥ තාක්ෂණික කමිටු සාමාජිකයින් ගේ අදහස් හා යෝජනා  ලබා ගැනීම සඳහා ඉදිරිපත් කෙරේ. මෙම තාක්ෂණික කමිටුවේ  නිර්දේශයන් මත අදාල ආනයනය කොන්දේසි සහිතව අනුමත කිරීම හෝ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කිරීම සිදු කෙරේ. වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව වෙත මෙහි දී ගන්නා තීරණ ලිඛිතව දන්වා යවනු ලැබේ.

කර්මාන්ත සඳහා අපද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් පහත සඳහන් වැදගත් තීරණ වලට මේ වන විට එළඹ තිබේ.

  • ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය අනුව පසු භාවිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් වේ.
  • ආනයනිත අපද්‍රව්‍ය/ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය මත පදනම් වූ නව ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ආරම්භ කිරිම තහනම් වේ.

අපද්‍රව්‍ය/ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආනයනය කීරීමේ ක්‍රියා පිළිවෙළ

  1. ආනයනය කිරිමට අදහස් කරන ද්‍රව්‍ය බාසල් සම්මුතියේ අ හෝ ආ  ලේඛනයට අයත් වන්නේදැයි පරීක්ෂා  කිරිම

  2. ආනයනය කිරිමට අදහස් කරන ද්‍රව්‍ය බාසල් සම්මුතියේ අ ලේඛනයට අයත් වන්නේ නම් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිම; ආනයනය කිරිමට අදහස් කරන ද්‍රව්‍ය බාසල් සම්මුතියේ ආ  ලේඛනයට අයත් වන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ බාසල් තාක්ෂණික විශේෂඥ කමිටුව වෙත පහත දැක්වෙන තොරතුරු සහ ලේඛන සමග අයදුම් පතක් ඉදිරිපත් කිරිම

  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය නිෂ්පාදනය කරන ලද රටෙහි සහ ප්‍රභවයෙහි නෛතික අවසරය

  • වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ පිටපතක් - ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය භාවිතා කිරිමට අදහස් කරන කර්මාන්තය  වෙත වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබිය යුතුයි.

  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය සම්භවය වූ රටෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තා, එම රටෙන් ලබා ගන්නා ලද අමුද්‍රව්‍ය සහ සංයෝග සම්මිශ්‍රණය කරන ලද ප්‍රමාණයන් පිළිබඳ වාර්තා

  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යයේ විෂ රහිත බව සහ පිරිසිදුභාවය පිළිබඳ පිළිගත් රසායනාගාරයක් වෙතින් ලබා ගත් විමර්ශන වාර්තාව

  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යයේ නියැදියක් හෝ ඡායාරූපයක්

  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය භාවිතයෙන් නිපදවා ඇති නිෂ්පාදනයන් සහ ප්‍රමාණයන්
  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය ආශ්‍රයෙන් නිපදවා ඇති අතුරු නිෂ්පාදන
  • ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය භාවිතා කිරිමේ දී සහ බැහැර කිරිමේ දී හට ගන්නා අපද්‍රව්‍ය පිළිබඳ විස්තර
  • එම අපද්‍රව්‍ය භාවිතා කර සිදු කරන කර්මාන්ත ක්‍රියාවලියේ දී හට ගන්නා අපද්‍රව්‍ය නැවත භාර ගැනීමට එකඟ වන බවට අදාල ද්‍රව්‍යය අපනයනය කරන රට/ අනෙක් රට සමග ඇති කර ගත් ගිවිසුම
  • බාසල් සම්මුතියට අදාලව පරීක්ෂා කිරිම සඳහා වන අය කිරිම රු. 10,000/=කි.

මෙම ලිපි ලේඛන සියල්ල ඉදිරිපත් කිරීමෙන් පසු,

  1. මධ්‍යම පරිසර අධිකාරියේ බාසල් තාක්ෂණික විශේෂඥ කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කිරීම

  2. බාසල් තාක්ෂණික විශේෂඥ කමිටුවේ තීරණ බාසල් සම්මුතියේ යෝජනා ස්ථාපනය කිරීම සඳහා වන ජාතික සම්බන්ධීකරණ කමිටුව වෙත යොමු කිරීම

  3. ජාතික සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබුණු පසුව බාසල් සම්මුතියේ ආ  ලේඛනය යටතේ දැක්වෙන අපද්‍රව්‍ය/ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආනයනය කළ හැකි වේ.

  4. අනුමැතීන් අලුත් කිරීමට පෙර අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන්  විසින් අදාල කර්මාන්තය සහ කර්මාන්ත ක්‍රියාකාරකම් විමර්ශනයට ලක් කෙරේ.

  5. බලපත්‍රය ඊළඟ වර්ෂය සඳහා අලුත් කිරීමේ දී කර්මාන්තහිමියන් විසින් ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යයේ පවතින ඉතිරි ප්‍රමාණය පිළිබඳ වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපනයනය කිරිම සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියා පිළිවෙළ

  1. බාසල් සම්මුතියෙහි සඳහන් යම් අපද්‍රව්‍යයක් බාසල් සම්මුතියෙහි සාමාජික රටකට අපනයනය කරන්නේ නම්, බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍ර පිටපත් දෙකකින් සම්පූර්ණ කළ යුතු අතර අපනයනයේ දී සංක්‍රමණය කෙරෙන එක් රටකට එක් ආකෘති පත්‍රය බැගින් වන පරිදි බාසල් සංක්‍රමණ/ලුහුබැඳීමේ ආකෘති පතසම්පූර්ණ කළ යුතු වේ. බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍ර සම්පූර්ණ කර අදාල ලිපි ලේඛන සමග අපද්‍රව්‍ය අපනයනය කිරිමට මාස 2කට  වත් පෙර ඉදිරිපත් කළ යුතු වේ.
  • අවශ්‍ය අදාල ලිපි ලේඛන මෙසේ යි.

    • මූල්‍යමය වගවීම සහ රක්ෂණාවරණය

    • අපද්‍රව්‍ය බැහැර කරන්නා/ ආනයනය කරන්නා සමග ඇති කර ගත් ගිවිසුම- සියළුම අපනයන බලපත්‍ර සඳහා සියළුම සංක්‍රමණයන් ආවරණය වන පරිදි දැනුම් දෙන්නාගෙන් ආරම්භ කර බැහැර කිරිමේ පහසුකම් සලසන්නා තෙක් වන ලිඛිත කොන්ත්‍රාත්තුවක් හෝ කොන්ත්‍රාත් දාමයකි. කොන්ත්‍රාත්තුවේ නම සඳහන් පුද්ගලයා විසින් අපද්‍රව්‍ය කළමනාකරණයේ සියළුම වගකීම්- එම අපද්‍රව්‍ය ප්‍රතික්ෂේප වී නැවත පැමිණීමක දී පවා- දැරිය යුතු වේ.

  1. බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍රය ලැබුණු විට එහි නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂා කිරීම
  2. අදාල බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍රය ආනයන රාජ්‍යයට සහ අපනයන රාජ්‍යයන් ට දැනුම් දීම

  3. ආනයන රාජ්‍යයෙන් සහ අපනයන රාජ්‍යයන් ගෙන් ලිඛිත අවසරයන් ලබා ගැනීම

  4. නිසි කොන්දේසි සහිතව අවසාන අනුමැතිය ලබා දීම

  5. අපනයන රාජ්‍යයක් හෝ රාජ්‍යයන් ගෙන් අවසරය නොලැබුණු යම් අවස්ථාවක දී අපනයනකරුට අපනයන ගමන් මාර්ගය වෙනස් කරන ලෙස හෝ අපනයනය අත්හිටුවන ලෙස උපදෙස් දෙනු ලැබේ.

  6. ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව ලිඛිතව දැනුම්වත් කරනු ලැබේ.

නිකුත් කෙරෙන සියළුම බලපත්‍ර වලංගු වන්නේ මාස 12 ක කාල සීමාවකට යි. ඒ අනුව එක් බලපත්‍රයකින් අනුමත ටොන් ගණනේ සීමාව තෙක් අපනයන වාර කිහිපයක් ආවරණය කළ හැකි වේ. මේ සඳහා අපනයන අපද්‍රව්‍යය සහ අපනයන ගමන් මාර්ගයේ අවසාන නැවතුම නොවෙනස් විය යුතුයි.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අනුමැතිය ලබා දීම

බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍රය සහ අනෙකුත් ලිපි ලේඛන පරීක්ෂාවට ලක් කිරීම.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව වෙත පිටපත් සහිතව අදාල කොන්දේසි සඳහන් කරමින් අනුමැතිය ලිඛිතව ලබා දීම.

ඇතැම් රසායන ද්‍රව්‍ය සහ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා විරෝධතාවන් නොමැති බව සන්වා ලිපි නිකුත් කිරීම

 

පහත දක්වා ඇති ආයතන ඒ ඒ ද්‍රව්‍යයන් ආනයනය කිරීමෙහි වගකීම දරයි.

  1. සිළුම ශාක හෝර්මෝන සහ රසායනික පොහොර-අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

  2. විෂබීජ නාශක සහ අනෙකුත් මදුරු නාශක ද්‍රව්‍ය -මධ්‍යම පරිසර අධිකාරිය

  3. මානව ශරීරය මත ආලේපනයන් සඳහා යොදා ගන්නා රසාවන ද්‍රව්‍ය (රූපලාවණ්‍ය)  - රූපලාවණ්‍ය සහ ඖෂධ පාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය

  4. කර්මාන්ත රසායන ද්‍රව්‍ය-රාජ්‍ය වෙළෙඳ සංස්ථාව

  5. රසායනික අවි -රසායනික අවි අධිකාරිය

  6. පුරෝගාමී රසායනික ද්‍රව්‍ය-පුරෝගාමී රසායනික ද්‍රව්‍ය අධිකාරිය

  7. ගෘහාශ්‍රිත පලිබෝධනාශක-පලිබෝධනාශක පිළිබඳ රෙජිස්ට්‍රාර්

  8. ශාක සහ ආශ්‍රිත කොටස්-ශාක නිරෝධායතනය

විෂබීජ නාශක සහ අනෙකුත් මදුරු නාශක ද්‍රව්‍ය ඇතුළු ගෘහාශ්‍රිත කෘමීන් මර්දනය කිරිමේ ද්‍රව්‍ය ආනයනය කිරීම
අවශ්‍යතා

යම් කිසි ආනයනිත ද්‍රව්‍යයක් වෙත විරෝධතාවන් නොමැති බව සඳහන් ලිපියක් නිකුත් කිරීම සඳහා ආනයනිකයා විසින් පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.

  1. රසායනික නාමය, වෙළෙඳ නාමය, භාවිතා කිරීමට බලාපොරොත්තු වන ආකාරය, ප්‍රමාණය, ආනයනය කරන රට යනා දී සියළු විස්තර සඳහන් ආනයනිකයාගේ ඉල්ලීම් ලිපිය

  2. CUSDEC හෝ රාජකාරි කටයුතු සඳහා වන ඉන්වොයිසිය/ වෙළෙඳ ඉන්වොයිසිය/ නෞහාර බිල්පත

  3. ආනයනිත ද්‍රව්‍යයේ MSDS ලේඛනය

  4. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉල්ලා සිටිය හැකි අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන (ආනයනික ද්‍රව්‍යයේ රසායනික සංයුතිය දැක්වෙන පරීක්ෂණ වාර්තා)

ස්ථානීය පරීක්ෂාව

අවශ්‍යතාවක් මතු වූ විටෙක මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආනයනකරු සතු ගබඩා පහසුකම් හෝ පාරිභෝගිකයින් සඳහා ලබා දී ඇති පහසුකම්/ අපද්‍රව්‍ය බැහැර කිරිමේ පහසුකම් ආදිය විමර්ශනයට ලක් කෙරේ.

සපයා ඇති තොරතුරු සහ අනෙකුත් ලිපි ලේඛන සතුටුදායක නම් විරෝධතා නොමැති බව සඳහන් ලිපියක් අදාල කොන්දේසි සඳහන් කරමින් පහත ලිපිනයට පිටපතක් ද සහිතව අදාල ආනයනකරුට යොමු කරනු ලැබේ.

පාලක, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව. අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල, කොළඹ 1.

උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ (උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ) බලපත්‍රය

2008.02.01 දිනැති අංක 1534/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය, උපලේඛනගත අපද්‍රව්‍ය ලෙස හඳුන්වා නිර්වචනය කර ඇත.

2008 අංක 1 දරන ජාතික පාරිසරික (ආරක්ෂක සහ තත්ත්ව) රෙගුලාසි වල II කොටස යටතේ දක්වා ඇති රෙගුලාසි අනුව, VIII වන ලේඛනයේ නිර්වචනය කර ඇති උපලේඛනගත අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරන (උපලේඛනගත අපද්‍රව්‍ය උත්පාදනය, එක් රැස් කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරිම, නිෂ්කර්ෂණය කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ බැහැර කිරීම හෝ බැහැර කිරීමේ පහසුකම් සැලසීම) සියළුම පුද්ගලයින් මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් බලපත්‍රයක් ලබා ගත යුතු වේ.

උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ලබා දීමේ ක්‍රියා පිළිවෙළ

  • 1 පියවර: උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ අයදුම් පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග ඉදිරිපත් කිරීම

අවශ්‍ය ලිපි ලේඛන

  1. ව්‍යාපාර නාම පදිංචිය
  2. කර්මාන්තායතන භූමියේ සැලසුම
  3. අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම සහ ඒ ආශ්‍රිත එකඟතා සහතික
  4. කර්මාන්තායතනයට ළඟා වන මාර්ග සිතියම
  5. වෙනත් අදාල අනුමැතීන් සහ ලේඛන
  • 2 පියවර : පරීක්ෂණ ගාස්තු ගෙවීම

පරීක්ෂණ ගාස්තු අය කෙරෙනුයේ පළමුවන පරීක්ෂණ කටයුතු සඳහා පමණි.
මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත් කර්මාන්ත මෙම පරීක්ෂණ ගාස්තු වලින් නිදහස් වේ.

  • 3 පියවර: වැඩ බිම් පරීක්ෂාව

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් වැඩ බිම් පරීක්ෂාවක් සිදු කරනු ඇත.

  • 4 පියවර : උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර

විනශකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට ගෙන ඇති පියවර සතුටුදායක නම්, බලපත් ගාස්තු ගෙවීමෙන් පසු උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය නිකුත් කරනු ලැබේ.


බලපත් ගාස්තු :

උපලේඛනගත අපද්‍රව්‍ය උත්පාදනය Rs 1 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය එක් රැස් කිරීම Rs 1 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය ගබඩා කිරීම Rs 10 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම Rs 2 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම Rs 5 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය නිෂ්කර්ෂණය කිරීම Rs 5 000.00
උපලේඛනගත අපද්‍රව්‍ය බැහැර කිරීම Rs 100 000.00

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න