Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන 2024

pea2.jpg

 

 

 

Ø  2024 ජනාධිපති සම්මාන උළෙල සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි විෂය ක්ෂේත්‍ර

A. කර්මාන්ත, ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශය (1-16)

 

ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ / ප්‍රතිචක්‍රීකරණය කිරීමේ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත

 

 ▪රසායනික නිෂ්පාදන කර්මාන්ත

 

▪වාහන සේවා ස්ථාන

 

▪ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත

 

▪හෝටල්

 

▪ රෙදිපිලි සැකසුම් කර්මාන්ත

 

▪ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත

 

▪ආරෝග්‍යශාලා

 

▪රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත

 

▪සත්ත්ව ගොවිපල

 

▪නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත

 

▪තේ කර්මාන්තශාලා

 

▪මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත

 

▪ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත

 

▪පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති - කුඩා පරිමාණ කුඩා ජලවිදුලි ව්‍යාපෘති, සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ සුළං බලශක්ති උත්පාදන ව්‍යාපෘති

 

§පළාත් පාලන ආයතනවල ඝනඅපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති

  

B. ආයතන, සමාජ සහ ජන මාධ්‍ය කාණ්ඩය (1-8)

 

▪පාසල්–1AB, 1C, Type 2&3

 

▪පරිසර හිතකාමී රාජ්‍ය ආයතන

 

▪පරිසර හිතකාමී පෞද්ගලික ආයතන

 

▪පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ඨ දායකත්වය ලබා දී ඇති පුද්ගලයන්

 

▪පරිසර සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා කැපවී සිටින හොඳම රාජ්‍ය නොවන සංවිධානය

 

▪පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල් / විශ්ව විද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන / විවෘත අංශය)

 

                         (සිංහල / දමිළ / ඉංග්‍රීසි)

 

ජන මාධ්‍ය අංශය

 

▪තනි පුද්ගල (රූපවාහිනී/ගුවන්විදුලි/පුවත් පත්තර)

( සිංහල/ දෙමළ / ඉංග්‍රීසි )

 

▪චැනල් (රූපවාහිනී/ගුවන්විදුලිය) සහ ප්‍රවෘත්ති පත්‍ර

( සිංහල / දෙමළ  / ඉංග්‍රීසි )
කරුණාකර අමතන්න-මාධ්‍ය නිලධාරි: ශ්‍රියංජනී ලොකුලියන (077 6252288)

  

වැඩි විස්තර

 

➢2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.

 

➢අයදුම්පත මෙම ඕනෑම භාෂාවකින් පිළිගත හැකිය (සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ)

 

➢අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරියේ (www.cea.lk) වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය, නැතහොත් පහත 
සඳහන් දුරකථන අංක
011-2873447, 011-2872278 සහ Hotline-1981 ඔස්සේ මධ්‍යම පරිසර අධිකාරිය
ඇමතීමෙන් ලබාගත හැකි අතර ආචාර්ය එන්.එම්.එල්. රාධිකා
, සහකාර අධ්‍යක්ෂ (පරිසර ප්‍රවර්ධන ඒකකය)
0706725222
හරහා, (ext. 2174) සහ අර්ෂා කුමාරි මහත්මිය, වැඩබලන ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි(පරිසර දූෂණ පාලන ඒකකය) 0713486339 ඇමතීමෙන් ලබාගත හැකිය.

 

➢2018, 2019 සහ 2021/2022 ජනාධිපති පරිසර සම්මාන ජයග්‍රාහකයින් සහ "ජාතික හරිත සම්මානය-රන් සම්මානලාභීන්" මෙවර අයදුම් නොකළ යුතුය. 
සඳහන් කරන වසරවල රිදී
, ලෝකඩ සහ කුසලතා ජයග්‍රාහකයින් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

 

➢අදාළ ලියකියවිලි සහ අනෙකුත් උපකාරක ලේඛනවල පිටපත් සමඟ නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය, 
නැතහොත් 2024 මාර්තු 15 හෝ ඊට පෙර"සභාපති, තේරීම් කමිටුව, ජනාධිපති පරිසර සම්මාන-2024, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පියස, 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල මාවත” වෙත භාර දිය යුතුය.

 

➢අයදුම්පත අමුණා ඇති කවරයේ වම් පැත්තේ "අදාළ ක්ෂේත්‍රය" පැහැදිලිව සඳහන් කළ යුතුය.

 

➢ජයග්‍රාහකයින්ට ජනාධිපති පරිසර සම්මානය, පරිසර සම්මානය (රිදී), පරිසර සම්මානය (ලෝකඩ) සහ කුසලතා සම්මාන පිරිනැමේ.

 

➢අයදුම්පත්‍ර විෂය පිළිබඳ දක්ෂ විශේෂඥ මණ්ඩලයක් විසින් විධිමත් ලෙස ඇගයීමසිදුකරනු ලබන අතර ජයග්‍රාහකයා තෝරා ගැනීමට මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය වනු ඇත.

 

 

 

Saturday, 24 February 2024 03:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය