Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගැයීම

ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවන්හි දී ම පාරිසරික ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සමග පරිසරය සුරැකීමේ කටයුතු ඒකාබද්ධ කිරීමේ දී පාරිසරික බලපෑම් ඇගයීම ඵලදායී කාර්යයක් ලෙස වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇත. පාරිසරික බලපෑම් ඇගයීම මගින් යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කෙරෙන බලපෑම එහි මූලික අවස්ථාවේ දී ම හඳුනාගැනේ. එමගින් ව්‍යාපෘතියෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමටත් ස්වාභාවික පරිසරයට ගැලපෙන පරිදි අදාල ව්‍යාපෘතිය සකස් කිරීමටත් අවස්ථාව සැලසේ. පාරිසරික බලපෑම් ඇගයීම මගින් නිලධාරීන්ට ව්‍යාපෘතීන් සම්බන්ධ තීරණ ගැනිමේ අවස්ථාව සලසා දෙනු ලබන අතර, එමගින් ව්‍යාපෘතියේ පරමාර්ථ වඩාත් සාර්ථකව සාධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමනිසා, පාරිසරික බලපෑම් ඇගයීම, සැලසුම්කරණයේ ත් අඛණ්ඩ සංවර්ධනයේ ත් මූලික කාර්යයක් ලෙස හැඳින්විය හැකිය.

ජාතික පරිසර පනත සහ තවත් අණපනත් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගයීම ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර තිබේ.

 

Tuesday, 16 September 2025 10:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න