Tamil-SriLankaEnglish (UK)

පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලියේ මහජන සහභාගීත්වය

ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලියේ දී මහජන සහභාගීත්වය ඉතා වැදගත් වේ. ජාතික පරිසර පනතෙහි මේ සඳහා නියමයන් දක්වා තිබේ.

පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවක් ඉදිරිපත් වූ විට ජාතික පරිසර පනත අනුව එය මහජන අදහස් හා විමසීම් සඳහා දින 30ක කාලයකට අනිවාර්යයෙන් ම විවෘතව තැබිය යුතු වේ. මෙම වාර්තා සිංහල. දෙමළ සහ ඉංග්‍රිසි මාධ්‍ය තුනෙන්ම සකස් කර මහජනතාව වෙත විවෘතව තැබිය යුතුය. මෙම වාර්තා සාමාන්‍යයෙන් මධ්‍යම පරිසර අධිකාරි පුස්තකාලයේ ත්, අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවෙහි මහජන අදහස් සඳහා විවෘතව තබනු ලැබේ. මේ පිළිබඳ අදහස් දැක්වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉහත කී දින 30ක කාලය ඇතුළත මධ්‍යම පරිසර අධිකාරිය වෙත හෝ අදාල ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනය වෙත ලිඛිතව පැමිණිලි හෝ අදහස් ඉදිරිපත් කළ හැකිය. ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනය විසින් යම් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවක් පිළිබඳව දින 30ක් ඇතුළත මහජන අදහස් ලබා ගැනීම සඳහා ජාතික පුවත්පත් වල දැන්වීම් පල කරනු ලැබේ. එම දැන්වීමෙහි අදාල පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව විමසීමට ලක් කළ හැකි ස්ථානය හා වේලාව දක්වනු ලැබේ. ඡායා පිටපත් ගාස්තු ගෙවා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙතින් අදාල පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවෙහි පිටපත් ලබා ගැනිමට මහජනතාවට අවස්ථාව ඇත. යම් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවක් පිළිබඳව විවෘත විභාගයක් පැවැත්වීම මහජන අවශ්‍යතාවක් නම් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් එවැන්නක් මෙහෙයවනු ලැබේ.

සියළුම මහජන අදහස් ව්‍යාපෘති යෝජකයා හට දන්වනු ලැබේ. ව්‍යාපෘති යෝජනාව සාර්ථක කර ගැනීමට ව්‍යාපෘති යෝජකයා විසින් එම අදහස් සඳහා සතුටුදායක අන්දමින් ප්‍රතිචාර දැක්විය යුතුය.

පූර්ව පාරිසරික පරීක්ෂණ වාර්තා මහජන අදහස් සඳහා දින 30ක විවෘත ව තැබීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් පූර්ව පාරිසරික පරීක්ෂණ වාර්තාව මහජන විමසීම් සඳහා විවෘත ලියවිල්ලක් වශයෙන් තබා ගත යුතු වේ.

මීට අමතරව, පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදු කෙරෙන අවස්ථාවක දී පොදු/ ප්‍රාදේශීය ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගන්නා මෙන් ව්‍යාපෘති යෝජකයාහට උපදෙස් දෙනු ලැබේ. පොදු ජනතාව වෙත ව්‍යාපෘතිය පිළිබඳ තත්‍ය තොරතුරු ලබා දෙන බවට ව්‍යාපෘති යෝජකයා වගකිව යුතු වේ. ව්‍යාපෘතිය හේතුවෙන් මහජනතාව වෙත ඍණාත්මක බලපෑම් එල්ල වේ නම් මහජනතාව සමග එක්ව පරිසර දූෂණය අවම වන විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ඒවා ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති යෝජකයා බැඳී සිටී.

Monday, 26 August 2013 11:47 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න