Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025

මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති පරිසර සම්මාන උලෙළ , 2025 ඔක්තෝබර් 23 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විනි.
තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් එහි එක් අංශයක් වූ තිරසර පරිසරයක් ලඟා කරගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රියාපටිපාටි‍යෙන් ඔබ්බට ගොස් විශිෂ්ට වගකීමක් දැක්වූ පුද්ගලයන් හා ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වූ අතර එමඟින් සමාජයේ සියළුම පුද්ගලයන්, ආයතන හා අංශ ද තිරසර පරිසරයක් වෙනුවෙන් තම වගකීම් ඉටු කරලීම සඳහා උනන්දු කරවීම ද මෙහි තවත් එක් අරමුණක් විය.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මැතිතුමා, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්.ඒ. උඩුවාවල මැතිතුමා ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවවාසම් මැතිතුමාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.පී. කපිල රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ පවත්වන ලද මෙම සම්මාන උලෙළට පරිසර අමාත්‍යාංශයට අයත් ආයතනවල උසස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කර්මාන්ත අංශයේ නියෝජිතයන්, රාජ්‍ය හා පුද්ගලික ආයතන, පාසල්, රෝහල්, පරිසර ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, අනෙකුත් ආරාධිතයන්, හා සම්මානලාභීන් ඇතුළු පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.
පරිසර හිතකාමි කර්මාන්ත අංශය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති, පාසල් අංශය, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන, පරිසර හිතකාමී නව නිර්මාණ, ජනමාධ්‍ය අංශය, සමාජ මාධ්‍ය අංශය යන විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් සම්මානලාභීන් 132 දෙනෙකුට සම්මාන පිරිනමන ලද අතර හරිත ශ්‍රී ලංකාවක් ලඟා කරගැනීම සඳහා කළ විශිෂ්ට දායකත්වය මෙහිදී සම්මානයට ප්‍රාප්ත කරන ලදි.
චන්දන වික්‍රමසිංහ රංගායතනය විසින් ඉදිරිපත් කළ ආකර්ෂණීය නර්ථන අංග වලින් මෙම උලෙළ තවදුරටත් වර්ණවත් විය.

566325357 1242166877942930 5993475967145459251 n 1

 

568468507 1242167267942891 7193525944306880910 n 

568570372 1242166954609589 3331515745169367841 n

568635742 1242167291276222 967174612200323068 n

569686898 1242167024609582 1121478509324423360 n 

569764590 1242166827942935 6853340924536687351 n  

570106014 1242166861276265 3635464564969478620 n 1

571110892 1242167121276239 8199131625446446329 n

571157708 1242167177942900 273161428199419759 n

571177790 1242166731276278 8932698996389626674 n

CEA 5230

CEA 5316

CEA 5847 

 

CEA 5867 

 

CEA 6036 

 

CEA 5875

 

 

 

 

 

Tuesday, 28 October 2025 08:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න