Tamil-SriLankaEnglish (UK)

කැලණි ගඟෙහි ජලයේ තත්ත්වය හඳුන්වා දීම

කිලෝ මිටර 145ක් දිගින් යුත් වර්ග කිලෝ මිටර 2292ක ගංගා වර්ග ඵලයක් ඇති කැලණි ගඟ ඒ ආශ්‍රිතව ඇති කර්මාන්තයන් හි ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉතාම දූෂිත ගංගාව බවට පත් ව තිබේ.

කැලණි ගඟ දූෂණය වීමේ ප්‍රධාන මූලාශ්‍ර ගොඩබිම පදනම් කර ගත් හේතු කාරක වේ. පිරිපහදු කළ සහ නො කළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත සහ නගරාශ්‍රිත බැහැර කිරීම් ආදිය ඒ අතර වේ. කැලණි ගඟෙහි ජලයේ මිනුම් පරීක්ෂා කර බලන විට ජල දූෂණයේ බැරෑරුම්කම කැපී පෙනේ. මෙම ජලය කොළඹ නගරයේ බහුතර පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට යොදා ගැනේ. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රයක් ලෙස කැලණි ගඟ වැදගත් වේ. ගංගා මුවවිටෙන් කිලෝ මීටර 14ක් ඉහළින් අඹතලේ ප්‍රදේශයේ ජල සැපයුම් ආදාන ස්ථානයක් ද ඇත. කෙසේ වෙතත් අඩු ආදායම් ලාභී පවුල් වෙසෙන ගෘහයන්ගෙන්  සහ විශාල කර්මාන්ත ප්‍රමාණයකින් බැහැර කෙරෙන කර්මාන්ත විමෝචනයන්ගෙන් (විශේෂයෙන් බතික් සහ ලෝහ නිමැවිමේ සහ සැකසීමේ  කර්මාන්ත) කැලණි ගඟ දිනපතා අපවිත්‍ර වේ.

එසේම, ගඟෙහි පහත් ඉවුරු හේතුවෙන් ලවණ මිශ්‍රිත ජලය සමුදුරෙන් ගඟ තුළට ගලා ඒම නිසා ගං දිය පානය කිරීමට නුසුදුසු වේ. ගං පතුලින් අධික ලෙස වැලි ගොඩ දැමීම නිසා ගංගා පතුල ගැඹුරු වීම සිදු වේ. වැලි තොඩ දැමීම ඉතා අධික වශයෙන් සිදු කෙරෙන ඇතැම් ස්ථාන වලින් කිහිප වාරයක් අඹතලේ දක්වා ම ලවණ ජලය පැතිරීම සිදු වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයෙන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයට කැලණි ගංගාවෙන් ලබා ගන්නා ජලයෙන් බැවින් මෙය දැඩි අවධානය යොමු වී ඇති කරුණකි.

1980 ජාතික පරිසර පනතෙහි 23(a) කොටසෙහි පනවා ඇති බලතල අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ වැඩ සටහන යටතේ කර්මාන්ත ක්‍රියාකාරකම් මගින් පරිසරයට අපජලය බැහැර කිරීම නීතිගත කර තිබේ. පනතෙහි දක්වා ඇති ආකාරයට අපජලය පරිසරයට බැහැර කිරිමට නම් යම් කර්මාන්තයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා සිටීම අනිවාර්ය වේ. පරිසරයට අපජලය බැහැර කරන යම් කර්මාන්තයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට නම් එම අපජලය අදාල ප්‍රමිතීන්ට අනුකූල වන සේ පිළියම් කළ යුතු වේ. නිකුත් කරනු ලබන බලපත්‍රයේ සඳහන් ප්‍රමිතීන් සහ කොන්දේසි යටතේ අපජලය පරිසරයට බැහැර කිරීම අදාල කර්මාන්තයේ නියැළෙන්නන්ගේ වගකීම වේ.

කර්මාන්ත පරිසර ආරක්ෂණ බලපත්‍ ක්‍රමය යටතේ ආවරණය කෙරුණ ද, කර්මාන්ත මගින් බැහැර කෙරෙන අපජලය, පනවා ඇති ප්‍රමිතීන්ට සහ කොන්දේසි වලට අනුකූල දැයි පරීක්ෂා කිරිමට නිසි වැඩ පිළිවෙළක් නොමැති අතර බැහැර කෙරෙන අපජලය ප්‍රමාණය ද පාලනය කිරීමක් සිදු නොවේ.

2003 සිට කැලණි ගංගාවෙහි සහ එහි ඇතැම් අතු ගංගාවන් හි දූෂිත තත්ත්වය ජලයේ පී.එච්. අගය, සන්නායකතාව, ආම්ලතාවය , දිය වූ ඔක්සිජන් ප්‍රමාණය, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම, රසායනික ඔක්සිජන් ඉල්ලුම, ක්ලෝරයිඩ, නයිට්‍රේට සහ ෆොස්ෆේට සහ ක්ෂුද්‍ර ජීවී ගණත්වය ආදී කරුණු වලට අදාල ව පරීක්ෂාවට ලක් කෙරී ඇත. එසේම, ජලයේ ද්‍රාවිත ඇතැම් බැර ලෝහ ප්‍රමාණයන් (ඊයම්, ක්‍රෝමියම් වැනි) ද ගණනය කෙරී ඇත. මූලික සංඝටක පරීක්ෂාව මගින් සොයා ගෙන ඇති කරුණක් නම්, මානව මූලාශ්‍ර සහ ස්වාභාවික මූලාශ්‍ර වලින් නිදහස් කෙරෙන දූෂණ කාරක ගංගා ජලය වෙත ඍණාත්මක බලපෑම් එල්ල කර ඇති බවයි. කරදිය මිශ්‍ර වීම, මළ මිශ්‍ර වීම සහ පාංශු ඛාදනය වීම මගින් රොන් මඩ තැන්පත් වීම ආදිය ගංගා ජලය අපවිත්‍ර කෙරෙන ප්‍රධාන මූලාශ්‍ර වේ. ප්‍රධාන ගංගාවේ ස්ථාන හතකින් සහ අතු ගංගාවල ස්ථාන පහකින් විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා ජලය දූෂණය වී ඇති ආකාරය පරීක්ෂා කිරීමේ අරමුණින් ජල සාම්පල ලබා ගැනීම සිදු කෙරුණි. ජල සාම්පල ලබා ගැනීම සිදු කරනුයේ ගංගා මුව විටෙහි සිට අවිස්සාවේල්ල දෙසට විහිදී යන පරිදි කිලෝ මීටර 58ක දුර ප්‍රමාණයකිනි.

අක්ෂාංශ

දේශාංශ

සාම්පල ලබා ගත් ස්ථානය

6  57  14 80  13  12 තල්දූව පාලම
6  58   37 80  11  39 සීතාවක තොටුපොළ
6  55  02 80  05  53 වක් ඔය (අතු ගංගාවකි)
  පූගොඩ තොටුපොළ
6  56  38 80  08  18 පූගොඩ ඇළ
6  54  36 80  05  00 හන්වැල්ල පාලම
6 54  26 80  03  57  පුස්සැලි ඔය (අතු ගංගාවකි)
6  56  00 79  59  32 මහ ඇළ (අතු ගංගාවකි)
  කඩුවෙල පාලම
6  56  21 79   58  09 රග්ගහවත්ත ඇළ (අතු ගංගාවකි)
6  56  18 79  56  50 වැලිවිට පාලම
6  57  37 79  52  40 වික්ටෝරියා පාලම

කැලණි ගංගාවෙහි ජල සාම්පල ලබා ගත් ස්ථාන

 

Kelani-River

කැලණි ගංගාවෙහි ජල සාම්පල ලබා ගත් ස්ථාන පිළිබඳ සිතියම

 

ජල තත්ත්ව දර්ශකය අනුව කැලණි ගංගාවෙහි ජලයේ තත්ත්වය නිර්ණය කිරීම

ජල සාම්පල ලබා ගත් සියළුම ස්ථානයන් හි, මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජනා කර ඇති දේශීය ජල තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව 2010 – 2012 කාලය තුළ ලබා ගත් තොරතුරු අනුව ජලයේ ආම්ලිකතාව, රොන් මඩ ප්‍රමාණය, ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය, ජෛව රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, නයිට්‍රේට, ෆොස්ෆේට සහ ජලයේ ද්‍රාවිත ඇතැම් බැර ලෝහ ප්‍රමාණයන් (ඊයම්, ක්‍රෝමියම් වැනි) ආදිය පරීක්ෂා කිරීමට නියමිත ව තිබුණි. සම්පූර්ණ පරීක්ෂණ කාලය අතරතුර ක්ෂුද්‍ර ජීවී ගණත්වය විශ්ලේෂණය කිරීම අනුරූප වශයෙන් සිදු කර නොතිබුණු බැවින් ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීමට ජලයේ ක්ෂුද්‍ර ජීවී ගණත්වය සාධකයක් ලෙස නො සලකන ලදි. මළ අපද්‍රව්‍ය වලින් වන දූෂණය සහ සෑම විටම අදාල පරීක්ෂන කාලය තුළ ආම්ලතාවය යන නිර්ණායක සම්මත අගය ඉක්මවා ඇති බව නිරීක්ෂනය විය.  

කැලණි ගංගාවේ ජලයේ තත්ත්වය පිළිබඳ සාරාංශ විස්තරය

මැණික් ගැරීම, ගංගා වැලි ගොඩ දැමීම වැනි මානව ක්‍රියාකාරකම් නිසා ගංගා ඉවුරු වලට දැඩි හානි සිදු වී ඇති අතර එම නිසා ගංගා ජලය ට රොන්මඩ එක් විම ඉහළ ගොස් ඇත. ක්ෂුද්‍ර ජීවී ගණත්වය ඉහළ යාම සහ රොන්මඩ තැන්පත් වීම කැලණි ගංගා දූෂණයට බලපාන ප්‍රධාන සාධක දෙකකි. රොන්මඩ තැන්පත් වීමේ ප්‍රමාණය (ජලය තුළින් ආලෝකය ගමන් කිරීමේ ප්‍රමාණය පිළිබඳ මිනුමකි) ජලයේ අඩංගු අවලම්භිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ මිනුමක් ද වේ. රොන්මඩ තැන්පත් වීමේ ප්‍රමාණය සෑම විටම ගඟ ඉහළ ප්‍රදේශයන් හි සිදු කෙරෙන කැණීම් කටයුතු සහ වනාන්තර හෙළි කිරීම නිසා වර්ෂාව සමග ගලා එන ද්‍රව්‍ය මත ද රඳා පවතී. රොන්මඩ තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, මැණික් ගැරීම සහ පාලනය කළ නො හැකි ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් ජල සාම්පල ලබා ගත් සෑම ස්ථානයක ම  මනාව නිරීක්ෂණය විය.

විශ්ලේෂණය කරන ලද පරාමිතීන් අවම අගයක් ගැනීම සහ සම්මත අගයයන් ගෙන් අවම උච්ඡාවචයනයන් දක්වන ලද්දේ හංවැල්ල සහ වැලිවිට ප්‍රදේශයන් හි පමණකි. පරාමිතීන් ගේ ඉහළම අගයයන් සහ උපරිම උච්ඡාවචයනයන් දක්වන ලද්දේ සීතාවක තොටුපොළ සහ වික්ටෝරියා පාලම යන ප්‍රදේශයන් හි ය. එම ස්ථාන දෙකෙහි ජලයේ තත්ත්ව දර්ශකය පහළ අගයයක් ගන්නා අතර එම ස්ථානයන් හි ජලය සෞඛ්‍යාරක්ෂිත භාවයෙන් අවම තත්ත්වයක පවතී.

කැලණි ගංගා ජලයෙහි ඉහළම ජලයේ තත්ත්ව දර්ශක අගයයක් නිරීක්ෂණය කරන ලද්දේ ගඟේ මධ්‍යම ප්‍රදේශය වන වැලිවිට (68) වන අතර අවම අගයයන් නිරීක්ෂණය වූයේ තල්දූව (46) සහ සීතාවක (51) ප්‍රදේශ වලිනි.

තල්දූව සහ සීතාවක ප්‍රදේශයන් හි ජලයේ තත්ත්වය ගඟෙහි පහත් ප්‍රදේශ සමග සැසඳීමෙහි දී ඉතා පහත් අගයක් ගන්නා අතර පසුගිය තෙවර්ෂය තුළ ඉතා ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වී ඇත. මෙම ස්ථානයෙන් වර්ෂය පුරා ලබා ගත් ජල නියැදි වල ආම්ලතාවය ට අමතර ව දිය වූ ඔක්සිජන් ප්‍රමාණය 43%ක ප්‍රමාණයක් ද, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම 13%ක ප්‍රමාණයක් ද, රසායනික ඔක්සිජන් ඉල්ලුම 37%ක ප්‍රමාණයක් ද, බැර ලෝහ ප්‍රමාණය 7%ක ප්‍රමාණයක් ද පැවතීමෙන් හිතකර තත්ත්වය ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය විය.

ගඟ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි පූගොඩ තොටුපොළ, හංවැල්ල පාලම සහ කඩුවෙල පාලම ප්‍රදේශ, ගඟ ඉහත්තාවට සාපේක්ෂව ඉතා ඉහළ ජල තත්ත්වයක් ලබා ගැනීමට සමත් ව ඇත. මෙයට හේතුව ඇතැම් විට අතු ගංගා වලින් තනුකකරණය වීම සහ හොඳින් වාතනය වීම විය හැකි යි. ජල තත්ත්ව දර්ශකය ඉහළ අගයයක් වාර්තා වූ වැලිවිට සහ පූගොඩ තොටුපොළ ප්‍රදේශ වල ජලයේ  සෞඛ්‍යාරක්ෂිත භාවය යහපත් තත්ත්වයක පවතී.

ප්‍රධාන අතුගංගා වන වක් ඔය, පූගොඩ ඇළ ආශ්‍රිතව ජල තත්ත්ව දර්ශකය 51-59 අගයයන් ගන්නා අතර සෞඛ්‍යාරක්ෂිත භාවය අඩුය.

සෞඛ්‍යාරක්ෂිත භාවයෙන් අඩු ඉතාම දූෂිත ජලය වාර්තා වූයේ රග්ගහවත්ත  ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශයේ දී ගංගා ජලය ට බියගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත අපජලය බැහැර කෙරේ. සම්පූර්ණ පරීක්ෂණ කාලය තුළ බොහෝ පරාමිතීන් සඳහා ඉහළ අගයයන් ලැබීම කර්මාන්තව සිදු වී ඇති දූෂණය හුවා දක්වන අතර රොන්මඩ ප්‍රමාණය හැර අදාල පරාමිතීන්, ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය (27%), ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (7%), රසායනික ඔක්සිජන් ඉල්ලුම (36%), සහ ජලයේ ද්‍රාවිත බැර ලෝහ ප්‍රමාණයන් (7%) ක් වශයෙන් ප්‍රශස්ත මට්ටම අභිබවා ඇති බව අනාවරණය විය.

දෙවන වශයෙන් දූෂිත අතු ගංගාව වන්නේ මා ඔය යි. එය ප්‍රධාන වහයෙන් දූෂිතව ඇත්තේ කාබනික අපද්‍රව්‍ය හේතුවෙනි.පරීක්ෂණය පැවැත් වූ කාලය තුළ බොහෝ විට ඉක්මවන ලද පරාමිතීන් වන්නේ, රොන්මඩ ප්‍රමාණය හැරුණු විට ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය (80%), ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (60%), රසායනික ඔක්සිජන් ඉල්ලුම (13%), සහ ජලයේ ද්‍රාවිත බැර ලෝහ ප්‍රමාණයන් (7%) ක් වශයෙනි.

ඇතැම් ස්ථාන වලින් වාර්තා වන ක්ෂුද්‍ර ජීවී දූෂණ කාරක සඳහා හේතුව වන්නේ ගංගාවට බැහැර කෙරෙන පිළියම් නො කළ සහ අර්ධ වශයෙන් පිළියම් කළ මළ අපද්‍රව්‍යයි.(උදාහරණ වශයෙන් ගංගා ඉවුරු ආශ්‍රිතව ගොඩනගා ඇති ගෘහාශ්‍රිත වැසිකිළි සහ හෝටල ආදිය) වාර්ෂික ජල තත්ත්ව දර්ශක වාර්තා සැසඳීමෙන් පෙනී යන්නේ ජල සාම්පල පරීක්ෂා කළ ඉහත සියළුම ස්ථාන වල ජලය ක්‍රමිකව දූෂණයට භාජනය වී ඇති බවයි.

 

Wednesday, 26 March 2014 09:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න