Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගයීම අරඹන්නේ කෙසේද?

ව්‍යාපෘතිය යෝජනා කරන පාර්ශවය විසින් මූලිකවම සොයා ගත යුතු කරුණ වන්නේ යෝජිත ව්‍යාපෘතිය, 93.06.24 දින අංක 772/22, 95.02.23 දින අංක 859/14, 99.11.06 දින අංක 1104/22 සහ 99.11.29 දින අංක 1108/1 දරණ ගැසට් නිවේදන යටතේ නියම කළ ව්‍යාපෘතීන් යැයි දක්වා ඇති කාණ්ඩ වලට අයත් වන්නේද යන්නයි. මෙය මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසීම මගින් හෝ අදාල ගැසට් නිවේදන පරිශීලනයෙන් දැන ගත හැකිය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ව්‍යාපාති යෝජක වෙත මූලික තොරතුරු ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර අදාල ව්‍යාපෘතිය නියම කළ ව්‍යාපෘතීන් ගණයට අයත් වන්නේ දැයි තීරණය කරනු ඇත. (මෙම මූලික තොරතුරු ප්‍රශ්නාවලිය, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පාරිසරික බලපෑම් ඇගයීම් අංශය වෙතින් ද, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත්/ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ද, මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය වෙතින් බා-ගත කිරිම මගින් ද ලබා ගත හැකිය. ) අදාල ව්‍යාපෘතිය නියම කළ ව්‍යාපෘතීන් ගණයට අයත් වන්නේ නම්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම් කරනු ලබන සුදුසු ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් පවත්වනු ලැබේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ව්‍යාපෘති යෝජක වෙත ලබා දෙනු ලැබේ.


අදාල ව්‍යාපෘතිය වෙරළ කලාපය තුළ ස්ථානගත කෙරෙන්නේ නම්, ව්‍යාපෘති යෝජක විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසිය යුතු වේ.
අදාල ව්‍යාපෘතිය කිසියම් ජාතික රක්ෂිතයක මායිමකට සැතපුමක් දුරින් වන කලාපයේ ස්ථානගත කෙරෙන්නේ නම්, ව්‍යාපෘති යෝජක විසින් වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසිය යුතු වේ.

Thursday, 14 September 2023 05:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු