Tamil-SriLankaEnglish (UK)

පරිසර අධ්‍යාපන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය පාරිසරික අධ්‍යාපනය ගොඩනැංවීමේ අරමුණින් ජනතාව, පාසැල් දරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් පරිසර සංරක්ෂණය, ආරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි සහභාගීත්වය වැඩි කිරීම සඳහා පිහිටුවන ලදී.එම අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය විවිධ වැඩසටහන් සහ ක්‍රියාකරකම් හඳුන්වාදී ඇත.

මෙහෙවර

මිහිමත ජීවයට සුදුසු සෞඛ්‍යාරක්ෂිත පිවිතුරු පරිසරයක් ඇති කිරීමට හා එය සංරක්ෂණය කිරීමට විවිධ මහජන කණ්ඩායම් වල ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීම සඳහා පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරිමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම.

ඉලක්ක

ශ්‍රී ලාංකීය ජනතාව තුළ පරිසරය හා ඒ ආශ්රි තව පැන නගින ගැටළු පිළිබඳව නිසි දැනුවත් භාවය සහ සැලකිල්ල ඇති කිරීමත් දැනුම, කුසලතා. ආකල්ප සංවර්ධනය මෙන්ම නිසි වගවීම තුළින් පුද්ගලිකව හා සාමූහිකව කටයුතු කිරීමෙන් පාරිසරික ගැටළු වළක්වාලීමට සහ නිවාරණයට කටයුතු කිරීම.

අරමුණු

  • සමස්ත පරිසරයට සහ ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු කෙරෙහි ශ්‍රී ලාංකීය සමාජයේ සියළුම කණ්ඩායම්, ස්ථරයන් හි අවබෝධය සහ සංවේදිතාව වර්ධනය කරවීම

  • සමස්ත පරිසරය, ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු කෙරෙහි මිනිසාගේ දායකත්වය  සම්බන්ධයෙන් වන දැනුම, මූලික අවබෝධය සහ ප්‍රායෝගික අත්දැකීම් මගින්  වර්ධනය කිරීම

  • පරිසරය පිළිබඳ ගෞරවාන්විත ආකල්ප ගොඩනැගීමට, පරිසර තත්ත්ව සංවර්ධනයට සහ ආරක්ෂණයට සක්‍රීය දායකත්වය ලබා දීම දිරිමත් කිරීම

  • පාරිසරික ගැටළු හඳුනාගැනීමට, විමර්ශනය කිරීමට සහ විසඳීමට ප්‍රජාව සතු කුසලතා සංවර්ධනය කිරීම

  • පාරිසරික ගැටළු විසඳීමේ කාර්යාවලියේ දී අවබෝධයෙන්, කුසලතා සම්පන්නව, ස්වයං- අභිමානයෙන් සක්‍රීයව දායක වීමට අවස්ථා සලසා දීම

පරිසර අධ්‍යාපනික ඒකකයේ ඉලක්ක සහ අරමුණු සාධනය කර ගැනීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග සහ සැලසුම් සකස් කර තිබේ. ඒකකයේ පරමාර්ථය වන්නේ උපාය මාර්ගික සැලසුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් නිර්මිත පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් පරිසර සංරක්ෂණය සඳහා  ශ්‍රී ලාංකික මහජන දායකත්වය දිරිමත් කිරීමයි.

පරිසර අධ්‍යාපනික ඒකකයේ කාර්යයන්

  • අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත්, කලාප සහ ප්‍රාදේශීය සම්බන්ධීකාරක නිලධාරීන් වෙත පැවැත්වෙන පුහුණු පාඨමාලා

  • විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන පුහුණු පාඨමාලා

  • ගුරුවරුන් සඳහා පැවැත්වෙන පුහුණු පාඨමාලා

  • ජාතික පරිසර නියමු කොමසාරිස්වරුන් සඳහා පැවැත්වෙන පුහුණු පාඨමාලා

  • පරිසර නියමු සිසුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු පාඨමාලා

  • නිල ලාංඡන දරන්නන් සහ සාමාජිකයින් සංඛ්‍යාත්මකව වර්ධනය කර ගැනීම

  • පරිසර නියමු වැඩ සටහනට අවශ්‍ය උපකරණ සම්පාදනය

  • පාසල් මට්ටමින් පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කිරීම

  • ජනාධිපති සම්මාන සඳහා පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කිරීම

  • දිස්ත්‍රික් පරිසර නියමු ප්‍රවෘත්ති පත්‍රය මුද්‍රණය කිරීම

  • පරිසර නියමුවන්ගේ ජාතික  කඳවුර සංවිධානය කිරිම සහ මෙහෙයවීම

  • ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම

  • පෙර පාසල් මට්ටමින් පරිසර අධ්‍යාපනික කාර්යයන් සංවර්ධනය කරවීම සඳහා වැඩමුළු

  • හරිත සමාජ පිහිටුවීම

  1. අධ්‍යාපනික උපකරණ සකස් කිරීම (පෝස්ටර්, පත්රි කා සහ වෙනත් උපකරණ)

  2. ගෘහණියන් සඳහා වන පාඨමාලා - ග්‍රාමීය වශයෙන් ආහාර ස්වයං පෝෂිතතාව ඇති කිරීම අරමුණු කර ගෙන ගෙවතු වගා සංකල්පය දිරි ගැන්වීම (දිවි නැගුම වැඩ සටහනට සමගාමීව)

  3. පාරිසරික ප්‍රවර්ධනය දිරි ගැන්වීමෙහි ලා ප්‍රදර්ශනය සංවිධානය කිරීම

  4. සොබා ක්ෂෙත්‍ර මධ්‍යස්ථානයන්හි ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම

  5. හරිත උයන් පිහිටුවීම

  6. මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරය භාවිත කරමින් කාලීන පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අධ්‍යාපනික සහ අවබෝධාත්මක වැඩ සටහන් පැවැත්වීම

  7. සමකාලීන පාරිසරික ගැටළු විසඳීම සඳහා වර්තමානයේ දැඩි ලෙස මුහුණ දෙන පාරිසරික ගැටළු වලට අදාල ව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම

  8. විශේෂ දින වැඩ සටහන්

  9. ජාතික, ආගමික, සංස්කෘතිමය සහ ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථාවන් හි දී පාරිසරික අවබෝධාත්මක වැඩ සටහන් පැවැත්වීම

  10. දිස්ත්‍රික් මට්ටමින් සුවදායී පිවිතුරු හරිත පාසල් ඇගැයීමට ලක් කිරීම (සුවසර තක්සලාව)

  11. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වැඩ සටහන් පැවැත්වීම

  12. ශ්‍රී ලංකා හරිත තරුණ සමාජ වැඩ සටහන පැවැත්වීම

  13. ජාතික පරිසර අධ්යාකපනික ආයතනය යටතේ පාරිසරික පුහුණු පාඨමාලා පැවැත්වීම

  14. පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභින්ගේ ඉන්දීය සංචාරය 2017 - තෝරාගැනිමේ නිර්ණායක
Friday, 03 November 2023 04:46 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න