Tamil-SriLankaEnglish (UK)

රසායනාගාර පහසුකම්

මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය මගින් ජලය, අපජලය, වායුගෝලීය තත්ත්වය, ශබ්ද මට්ටම් සහ කර්මාන්ත ආශ්‍රිත වායු විමෝචන පරීක්ෂාවට ලක් කරයි. එහි පවතින පහසුකම් මගින් පානීය ජලය, කර්මාන්ත අපජලය, සංසරණ වායු ප්‍රමිතිය, ශබ්දය, කම්පන තත්ත්ව සහ කර්මාන්ත විමෝචනයන් ආදිය පාලනයට සහ පරීක්ෂාවට ලක් කරනු ලැබේ.  

රසායනාගාරයේ ප්‍රධාන කාර්යයන්

1   ජලය සහ කර්මාන්ත අපජලය පරීක්ෂාවට ලක් කිරීම මගින් ජල දූෂණය පාලනය කිරීම

  • කර්මාන්ත පරිසර දූෂණය වැළැක්වීමේ කටයුතු සඳහා කර්මාන්ත අපජලය විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීම

  • කර්මාන්ත අපජලය අක්‍රමවත් ලෙස බැහැර කිරීම සම්බන්ධ මහජන පැමිණිලි විමර්ශනය කිරීම

  • මධ්‍යම පරිසර අධිකාරිය තුළ දී සහ වෙනත් ආයතන පරිශ්‍රයන් තුළ දී ජලය සහ අපජලය කළමනාකරණය සම්බන්ධෙයන් ප්‍රමිතීන් ස්ථාපනය කිරීමට අදාල තාක්ෂණික සහාය ලබා දීම

2   රට තුළ දේශීය ජල මූලාශ්‍ර වල ජලයේ තත්ත්වය ආරක්ෂා කිරීම.

  • දේශීය ජල මූලාශ්‍ර නිරන්තර පරීක්ෂාවන්ට ලක් කිරීම මගින් ජලයේ තත්ත්වය අධ්‍යයනය කිරීම

  • දූෂිත ජල මූලාශ්‍ර ප්‍රකෘතිමත් කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රසායනාගාර පහසුකම් සැපයීම

  • වාණිජමය විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ජල මූලාශ්‍ර වල මූලික තත්ත්වය පිළිබඳ දත්ත ලබා දීම.

3  පරිසර අධ්‍යාපනික සහ දැනුම්වත් කිරීමේ ව්‍යාපෘති පැවැත්වීම

  • විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින් සඳහා පුහුණු අවස්ථා සලසා දීම

  • ජල දූෂණය සහ ජලය හා බැඳුණු ගැටළු සම්බන්ධයෙන් මහජනතාව සහ පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

රට අභ්‍යන්තර මතුපිට ජලාශ වල ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩ සටහන

  • මාසිකව සිදු කෙරෙන රට අභ්‍යන්තර මතුපිට ජලාශ වල ජලයේ ප්‍රමිති පරීක්ෂණ වැඩසටහන් - කැලණි ගඟ, දඬුගම් ඔය, බෙන්තොට ගඟ, මහ ඔය, මහවැලි ගඟ, කුරුණෑගල වැව, නුවර එළිය ග්‍රෙගරි වැව, අනුරාධපුර නුවර වැව ආදියේ ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම

  • ත්‍රෛමාසිකව බොරලැස්ගමුව වැව් ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම

 

 

Wednesday, 30 July 2025 10:40 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජගත් පරිසර දින සැමරුම - 2025 ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය... තවදුරටත් කියවන්න
නෙස්ලේ ලංකා_ දීපව්‍යාප්ත පෝස්ටර් චිත්‍ර තරඟාවලිය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ... තවදුරටත් කියවන්න