Tamil-SriLankaEnglish (UK)
  • English.jpg
  • Sinhala copy.jpg
  • slider2.jpg
  • slider3.jpg
  • slider4.jpg
  • slider5.jpg
  • slider6.jpg
  • thumb02.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 Chair Prf thilakමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම....  තවදුරටත් කියවන්න.                                                           
   New DG newමධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,     කපිල රාජපක්ෂ මහතා                                                                              
 
              

 

 

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

අ. වෙරළ සංරක්ෂණ පනත යටතේ පාරිසරික බලපෑම් ඇගයීම

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනත මගින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාරිසරික බලපෑම් ඇගයීම හඳුන්වා දෙන ලදී. වෙරළ කලාපය තුළ සිදු කෙරෙන ව්‍යාපෘති සඳහා මෙම පනත අදාල වේ. වෙරළේ ඉහළ මධ්‍ය ජල රේඛාවෙන් මීටර 300ක් ගොඩබිම දෙසටත් පහළ මධ්‍ය ජල රේඛාවෙන් කිලෝ මීටර 2ක් සමුද්‍රය දෙසටත් වන භූමි ප්‍රමාණය වෙරළ කලාපයට අයත් වේ. පනතට අනුව, පාරිසරික බලපෑම් ඇගයීමක් අවශ්‍ය වන ව්‍යාපෘති හඳුනාගැනීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක වෙත පැවරේ.

ආ. ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් ඇගයීම

1988 අංක 56 දරණ ජාතික පරිසර සංශෝධිත පනත මගින් පාරිසරික බලපෑම් ඇගයීම හඳුන්වා දෙන ලද්දේ රට පුරා අඛණ්ඩ සංවර්ධනයක් පවත්වාගෙන යාමේ දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් පනවන ලද  නෛතික ක්‍රියාදාමයක් වශයෙනි.

සංශෝධිත පනතේ IV-C කොටසේ දැක්වෙන පරිදි නියම කළ  සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පාරිසරික බලපෑම් ඇගයීමඅනිවාර්ය වේ. පරිසරය මත සැලකිය යුතු මට්ටමේ බලපෑමක් ඇති කළ හැකි මහා පරිමාණ ව්‍යාපෘතීන් පමණක් මෙසේ නියම  කර තිබේ.  කෙසේ නමුත් නියම කළ  ව්‍යාපෘතීන් සංවේදී පාරිසරික කලාප තුළ පිහිටුවා ඇත්නම් ඒවායේ විශාලත්වය හෝ වැදගත්කම නොසලකා, පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියවලිය‍ට භාජනය කළ යුතු වේ.

නියම කළ  ව්‍යාපෘතීන් 1993.06.24 දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයේ ත්, 1995.02.23 දින අංක 859/14 දරණ ගැසට් නිවේදනයේ ත්, 1999.11.05 දින අංක 1104/22 දරණ ගැසට් නිවේදනයේ ත් සහ 1999.11.29 දින අංක 1108/1 දරණ ගැසට් නිවේදනයේ ත් ලැයිස්තු ගත කර තිබේ.

ජාතික පරිසර පනතේ දක්වා ඇති පරිදි, සියළුම නියම කළ ව්‍යාපෘතීන් පිහිටුවීම/ආරම්භ කිරීම සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් මගින් අනුමත කර තිබිය යුතුය. වර්තමානයේ රාජ්‍ය ආයතන 23ක් එවැනි ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයන් ලෙස නම් කර ඇත. යම් ව්‍යාපෘතියක් සඳහා වන පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා එක් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් හඳුනාගත හැකිය. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන කිහිපයක් පවතින අවස්ථාවක දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඊට සුදුසු ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් අදාල ව්‍යාපෘතිය සඳහා නම් කරනු ලැබේ. ව්‍යාපෘතියක් යෝජනා කරන යම් රාජ්‍ය ආයතනයක් එම ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය ලෙස කටයුතු කිරීම සාවද්‍ය වේ.


ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන, 1995.02.23 දින අංක 859/14 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ ත්, 2004.12.29 දින අංක 1373/6 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ ත් ලැයිස්තු ගත කර දක්වා ඇත.

ජාතික පරිසර පනත මගින් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ මට්ටම් 2ක් හඳුනාගෙන ඇත. යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කරන පාරිසරික බලපෑම් සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් නොගන්නේ නම්, මූලික පාරිසරික පරීක්ෂණයක් සිදු කරන ලෙස ව්‍යාපෘති යෝජක වෙත දැනුම් දෙනු ලැබේ. මෙය සාපේක්ෂව කෙටි  හා සරල අධ්‍යයනයකි. කෙසේ වෙතත්, යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කරන පාරිසරික බලපෑම් සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් ගන්නේ නම්, පාරිසරික බලපෑම් ඇගයීම ක් සිදු කරන ලෙස ව්‍යාපෘති යෝජක වෙත දැනුම් දෙනු ලැබේ. මෙය පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳ වඩා විස්තරාත්මක හා පුළුල්  අධ්‍යයනයකි.

පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා කාර්යාලයීය දින 30ක කාලයක්  මහජන අදහස් විමසීම සඳහා විවෘතව තැබිය යුතුය. මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා මෙම අවශ්‍යතාවයට යටත් නොවේ. කෙසේ වෙතත් මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාව මහජනතාවට සහ මහජන විමසීම්වලට විවෘත ලියවිල්ලක් (21 පරිච්ඡේදය) විය යුතු බව සාක්ෂි අඥාපනතේ 74 හා 76 අංශ යටතේ දක්වා ඇත.

ඇ. 1993 අංක 49 දරණ වනජීවී හා වෘක්ෂලතා (සංශෝධිත) පනත යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම

1993 අංක 49 දරණ වනජීවී හා වෘක්ෂලතා (සංශෝධිත) පනත යටතේ ද පාරිසරික බලපෑම් ඇගයීමපිළිබඳව දක්වා ඇත. මෙම පනත යටතේ ජාතික  රක්ෂිතයක මායිමකට සැතපුමක් දුරින් ක්‍රියාත්මක  වන ඕනෑම පරිමාණයක සංවර්ධන ව්‍යාපෘතියක් පාරිසරික බලපෑම් ඇගයීම්  ක්‍රියාවලියට යටත් වේ. තව ද, එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතු වේ.

 

Thursday, 14 September 2023 05:47 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න