Tamil-SriLankaEnglish (UK)

පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

මධ්‍යම පරිසර අධිකාරියට සම්බන්ධ මහජන පැමිණිලි

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ "අ" හා "ආ" ලෙස වර්ග කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන පරිසර දූෂණයන් හා සම්බන්ධ පැමිණිලි අප වෙත යොමු කළ යුතුයි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පරිසර පනත යටතේ දක්වා නොමැති වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධ පැමිණිලි විභාග කිරිමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති බව කරුණාවෙන් සලකන්න. පරිසර කළමනාකරණ කටයුතු සම්බන්ධ යම් පරිසර දූෂණයක් සිදුවන මුල් අවස්ථාවේදී ම ඒ පිළිබඳව, ඒ ප්‍රදේශයට අදාල මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දිය යුතුයි. ඔබ එවැන්නක් දැනුම් දුන් විට අදාල පැමිණිල්ල විභාග කර ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ඔබව දැනුම්වත් කරනු ඇත.

පළාත් පාලන ආයතන මගින් විසඳාලිය හැකි ගැටළු මොනවා ද?

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය යටතේ ඇ ලෙස කාණ්ඩ කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන පරිසර දූෂණයන් හා සම්බන්ධ පැමිණිලි විසඳීම සඳහා අවශ්‍ය බලතල පළාත් පාලන ආයතනවල ට (නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා) ලබා දී තිබේ.

පළාත් පාලන ආයතන මගින් විසඳාලිය හැකි පරිසර දූෂණය සම්බන්ධ පැමිණිල්ලක් ඔබ විසින් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, අදාල පළාත් පාලන ආයතනය ඒ පිළිබඳව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් සහ අදාල ගැටළුව තවමත් නොවිසඳී පවතින්නේ නම්, අදාල පළාත් පාලන  ආයතනයේ කොමසාරිස්වරයා හෝ සභාපතිවරයා වෙත එම ගැටළුව ඉදිරිපත් කළ යුතුය. මෙහි දී ගැටළුව සම්බන්ධ සියළු ලිපි ලේඛනත්, අදාල පළාත් පාලන ආයතනය හා ඔබ අතර ගනුදෙනු වූ සියළු ලිපි ලේඛනත් ඉදිරිපත් කළ යුතු වේ.

ඔබට උපකාර විය හැකි අනෙකුත් වගකිවයුතු ආයතන මොනවා ද?

 

පැමිණිල්ලේ ස්වභාවය

පැමිණිලි කළ යුතු/ වගකිවයුතු ආයතනය

01.

කැණීම් කටයුතු - වැලි ගොඩ දැමීම, ගල් කොරි පිපිරවීම, භූමිය කැපීම/කැණීම වැනි

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය

02.

සන්නිවේදක කුළුණු ස්ථාපනය කිරීම

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

03.

භූමි අත්පත්කර ගැනීම්

ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව.

04.

වනජීවී හා වාසස්ථාන සංරක්ෂණය ආශ්‍රිත කරුණු

වනජීවී දෙපෙර්තමේන්තුව

05.

ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද කර්මාන්ත ආශ්‍රිත පැමිණිලි

ආයෝජන මණ්ඩලය

06

වෙරළ තීරය ආශ්‍රිත පැමිණිලි

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

07.

කුඹුරු ඉඩම් ගොඩ කිරීම

ගොවිජන සංවර්ධන සේවා දෙපාර්තමේන්තුව

08.

නගර සභා කසළ බැහැර කිරීම

පළාත් පාලන ආයතන

ඔබගේ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන්නේ  නම් වඩා සුදුසු වේ. දුරකථනයෙන් දැනුම් දෙනු ලබන ඕනෑම පැමිණිල්ලක්, අප විසින් සපයා ඇති පැමිණිලි ආකෘති ලේඛනය මගින් ලිඛිතව ඉදිරිපත් කිරීම වඩා සාර්ථක විමර්ශනයක් සිදු කිරීමට ඉඩ සලසයි.

නිර්නාමික පැමිණිලි පිළිබඳව අවධානය යොමු නොකරන බව කාරුණිකව සලකන්න. බොහෝ විට පැමිණිලිකරු පිළිබඳව සපයා ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන අසංවිධානාත්මක තොරතුරු වන අතර එය පැමිණිල්ල විමර්ශනය කිරීම අසීරු විමට හෝ විමර්ශනය නොකිරීමට හේතු වේ. තව ද පැමිණිලිකරු පිළිබඳව තොරතුරු සපයා නොමැති විට දී අපගේ විමර්ශන ප්‍රතිඵල ඔබට දැනුම් දීමට ද ක්‍රමවේදයක් නොමැති වේ.

කෙසේ වෙතත් ඔබගේ අනන්‍යතාව සඟවා තැබීම වැදගත් වන්නේ නම් එම තීරණය අප විසින් ගරු කොට සලකනු ලබන අතර, කිසිදු අවස්ථාවක එම තොරතුරු බාහිර සමාජයට එළදරවු කිරීම අප විසින් සිදු නොකෙරේ.

Monday, 08 May 2023 10:47 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න