Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන - 2026

 

තරඟ අංශ

“ජනාධිපති පරිසර සම්මාන - 2026” වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. “කර්මාන්ත අංශය”, ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය.

“කර්මාන්ත අංශයේ”; “මහා පරිමාන” සහ “සුළු හා මධ්‍ය පරිමාන” ලෙස අනු අංශ දෙකකි. “මහා පරිමාන” අනු අංශය යටතේ පහත සඳහන් වර්ග 16 ඔස්සේ අයදුම් කළ හැකිය. එම වර්ගවල ආරෝග්‍යශාලා’ සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණකටයුතුසහිත)’ යන වර්ග හැර ඉතිරි 14 ඔස්සේ “සුළු හා මධ්‍ය පරිමාන” අනු අංශය සඳහා අයදුම් කළ හැකිය.

  • පොදු අපද්‍රව්‍ය පිරිපහදු කළමනාකරණ පද්ධති/ ඝන අපද්‍රව්‍ය නැවත ලබාගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත
  • රසායනික නිෂ්පාදන කර්මාන්ත
  • වාහන සේවා ස්ථාන
  • ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත
  • හෝටල්
  • රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත
  • ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත
  • ආරෝග්‍යශාලා
  • රබර් ආශ්‍රිත කර්මාන්ත
  • සත්ත්ව ගොවිපළ
  • නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත
  • තේ සැකසුම් කර්මාන්තශාලා
  • ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත)
  • ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත
  • දැවමය ආශ්‍රිත නිෂ්පාදන
  • ලෝහ/ යකඩ නොවන ලෝහ/ යන්ත්‍රෝපකරණ/ විදුලි/ ඉලෙක්ට්‍රොණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත

“ව්‍යාපෘති අංශය” පහත පරිදි එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ.

“ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අටකි.

තනිපුද්ගල      Word   PDF

ආයතන          Word   PDF

ෆේස්බුක් පිටුව” සහ“යූටියුබ් නාලිකාව    Word   PDF

Tuesday, 31 March 2026 10:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න