Tamil-SriLankaEnglish (UK)

2026 වර්ෂය සඳහා රාජකාරි කටයුතු ආරම්භය | මධ්‍යම පරිසර අධිකාරිය

 

2026 වර්ෂය සඳහා රාජකාරි කටයුතු ආරම්භය සනිටුහන් කරන සමාරම්භක උත්සවය, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කේ. රාජපක්ෂ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ ප්‍රධාන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2026-01-01 දින පැවැත්විය.
මෙම වැඩසටහනට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක්, ජාතික ධජය හා පරිසර ධජය එසවීම, සහ 2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා දිවුරුම ප්‍රකාශ කිරීම ඇතුළත් වූ අතර, අනතුරුව ආගමික වතාවත් පැවැත්වීය.
එසේම, වසර 20 සහ 25ක් මධ්‍යම පරිසර අධිකාරියේ සේවය කරමින් කැපවීමෙන් කටයුතු කළ නිලධරයන් අගය කිරීම සඳහා සම්මාන ප්‍රදාන උත්සවයක්ද මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද අතර එහිදී ආයතනයට නොසැලෙන කැපවීමෙන් සේවය කරන ලද සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීමට ලක්කරන ලදි.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන ලබාදීම සඳහා දකුණු පළාත් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් එකතු කරන ලද පරිත්‍යාග මුදල් වල ඉතිරිය රජයේ සහන අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා බාර දෙන ලදී.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලද මෙම අවස්ථාවට මාර්ගගතව (online) එක්විය.
සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්තුමා 2026 වර්ෂය සඳහා ඔවුන්ගේ සුබ පැතුම් එක් කල අතර ආයතනයේ ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් පළ කරමින් සහභාගී වූ සියලු දෙනා ආමන්ත්‍රනය කරන ලදී.
✨ සියලු දෙනාටම පරිසර විශිෂ්ටත්වය ඉලක්ක කරගත්, සතුට පිරි අර්ථවත් වසරක් වේවායි අපි සුභ පතමු.

CEA 9085-9

CEA 9087-10

CEA 9090-12

CEA 9118-22

CEA 9205-46

CEA 9270-59

CEA 9277-63

CEA 9304-70

CEA 9364-78

CEA 9599-144

 

 

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025

මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති පරිසර සම්මාන උලෙළ , 2025 ඔක්තෝබර් 23 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විනි.
තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් එහි එක් අංශයක් වූ තිරසර පරිසරයක් ලඟා කරගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රියාපටිපාටි‍යෙන් ඔබ්බට ගොස් විශිෂ්ට වගකීමක් දැක්වූ පුද්ගලයන් හා ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වූ අතර එමඟින් සමාජයේ සියළුම පුද්ගලයන්, ආයතන හා අංශ ද තිරසර පරිසරයක් වෙනුවෙන් තම වගකීම් ඉටු කරලීම සඳහා උනන්දු කරවීම ද මෙහි තවත් එක් අරමුණක් විය.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මැතිතුමා, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්.ඒ. උඩුවාවල මැතිතුමා ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවවාසම් මැතිතුමාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.පී. කපිල රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ පවත්වන ලද මෙම සම්මාන උලෙළට පරිසර අමාත්‍යාංශයට අයත් ආයතනවල උසස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කර්මාන්ත අංශයේ නියෝජිතයන්, රාජ්‍ය හා පුද්ගලික ආයතන, පාසල්, රෝහල්, පරිසර ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, අනෙකුත් ආරාධිතයන්, හා සම්මානලාභීන් ඇතුළු පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.
පරිසර හිතකාමි කර්මාන්ත අංශය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති, පාසල් අංශය, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන, පරිසර හිතකාමී නව නිර්මාණ, ජනමාධ්‍ය අංශය, සමාජ මාධ්‍ය අංශය යන විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් සම්මානලාභීන් 132 දෙනෙකුට සම්මාන පිරිනමන ලද අතර හරිත ශ්‍රී ලංකාවක් ලඟා කරගැනීම සඳහා කළ විශිෂ්ට දායකත්වය මෙහිදී සම්මානයට ප්‍රාප්ත කරන ලදි.
චන්දන වික්‍රමසිංහ රංගායතනය විසින් ඉදිරිපත් කළ ආකර්ෂණීය නර්ථන අංග වලින් මෙම උලෙළ තවදුරටත් වර්ණවත් විය.

566325357 1242166877942930 5993475967145459251 n 1

 

568468507 1242167267942891 7193525944306880910 n 

568570372 1242166954609589 3331515745169367841 n

568635742 1242167291276222 967174612200323068 n

569686898 1242167024609582 1121478509324423360 n 

569764590 1242166827942935 6853340924536687351 n  

570106014 1242166861276265 3635464564969478620 n 1

571110892 1242167121276239 8199131625446446329 n

571157708 1242167177942900 273161428199419759 n

571177790 1242166731276278 8932698996389626674 n

CEA 5230

CEA 5316

CEA 5847 

 

CEA 5867 

 

CEA 6036 

 

CEA 5875

 

 

 

 

 

මධ්‍යම පරිසර අධිකාරිය “GovPay රාජ්‍ය ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය” සමඟ එක්වේ

 

මධ්‍යම පරිසර අධිකාරිය සහ LankaPay පුද්ගලික සමාගම අතර “GovPay රාජ්‍ය ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය” සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම 2026-09-26 දින මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කල අතර එ් සමඟින් මෙ‍ම ගනුදෙනු ක්‍රමවේදය නිල වශයෙන් විවෘත කරන ලදී.


ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සපයනු ලබන සේවාවලට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු (Inspection Fees), බලපත්‍ර ගාස්තු (License Fees), ක්‍රියාත්මක කිරීමේ ගාස්තු (Processing Fees), අපනයනය සඳහා බාසල් එකඟතා ලබාදීමේ ගාස්තු (Basel Export Consent Fees), සහතික කිරීමේ ගාස්තු (Certificate Fees), පරිපාලන ගාස්තු (Administration Fees), ලියාපදිංචි ගාස්තු (Registration Fees), වාර්ෂික ගාස්තු (Annual Fees), රසායනාගාර ගාස්තු (Laboratory Fees), අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගාස්තු (Waste Disposal Fees), ප්‍රසම්පාදන ගාස්තු (Procurement Fees), ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයට අදාළ ගාස්තු (NEIC Fees) සහ විභාග ගාස්තු (Exam Fees) ආදිය සඳහා සිදුකරන සියළුම ගෙවීම් 2025 සැප්තැම්බර් මස 26 වන දින සිට “GovPay රාජ්‍ය ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය” තුල ක්‍රියාත්මක බැංකු 14 සහ ෆින්ටෙක් (FinTech) යෙදවුම් 06 ඔස්සේ ගෙවීමට සේවාලාභීන්ට අවස්ථාව සැලසේ.


මෙම ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදය නිල වශයෙන් විවෘත කිරීමේ සුවිශේෂි අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශ‍යේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරිහු, LankaPay පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා මහතා ඇතුළු නිලධාරිහු හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහන් කළමනාකරු උදය කස්තුරිරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

 

CEA 3584

CEA 3590 - Copy

CEA 3592 - Copy

CEA 3596 - Copy

CEA 3598

CEA 3599

CEA 3604

CEA 3607 - Copy

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න