තිරසාර සංවර්ධනය සහ පිරිසිදු, හරිත ජාතියක් ගොඩනැගීම පිණිස රටේ කැපවීම ශක්තිමත් කිරීම සඳහා, ආයතනික රාමුව සහ සාමාන්‍ය ජනතාව යන පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් පිරිසිදු පරිසරයක් පෝෂණය කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටී. මධ්‍යම පරිසර අධිකාරියේ ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද එක් ප්‍රධාන වැඩසටහනකි. ජනාධිපති පරිසර සම්මාන උළෙල 2011 දී ආරම්භ වූ දා සිට, 2024 වන විට උත්සව දහයක් සාර්ථකව පවත්වා ඇත.
ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සැලසුම් කර ඇත්තේ පරිසර සංරක්ෂණයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කර්මාන්ත, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, රාජ්‍යනොවන සංවිධාන, පරිසර සංරක්ෂණය සඳහා කැපවී ඇති පාසල් සහ ප්‍රජා සහභාගීත්වයන් ඇගයීම පිණිස වන අතර ජයග්‍රාහකයින් ඇගයීම සඳහා යොදාගන්නා බොහොමයක් නිර්ණායක වත්මන් රජයේ “පිරිසිදු ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහනට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සමඟ ද සමගාමී වේ. මෙම වැඩසටහන මඟින් තිරසර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කර ඇති විවිධ පාර්ශවකරුවන් සඳහා රාජ්‍ය පිළිගැනීමක් ලබා දීම, ප්‍රජා වගකීම් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ ප්‍රයත්නයන් තුළ මෙම ආයතන තවදුරටත් ප්‍රබෝධමත් කිරීම අරමුණු කරයි. මීට අමතරව, මෙම වැඩසටහන මඟින් කාර්මික සංවර්ධනය සඳහා තිරසාර පාරිසරික මැදිහත්වීම් හඳුන්වා දීමත් පරිසර සංරක්ෂණය සඳහා ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීමත් පාරිසරික ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සඳහා යොමුවන ප්‍රජා සහභාගීත්වය සක්‍රීය කර වර්ධනය කිරීමත් අරමුණු කරයි.
ඉහත අරමුණු ලඟාකර ගැනීම සඳහා කර්මාන්ත, ව්‍යාපාර, ව්‍යාපෘති ක්ෂේත්‍රය සහ ආයතන, සමාජ, ජන මාධ්‍ය ක්ශේත්‍රය යන ක්ෂේත්‍ර 02 ට අයත් කාණ්ඩ 23 ක් යටතේ ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය 2025 වර්ෂයේදී ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එක් එක් ක්‍ෂේත්‍රයන්ට අදාල අයදුම් පත්‍ර මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය තුළින් බාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2025.04.30 වන දිනට පෙර මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබීමට සැලැස්විය යුතුවේ
ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය 2025 වර්ෂයට අදාළ ක්ෂේත්‍ර සහ කාණ්ඩ පහත දක්වා ඇත.
ජනාධිපති සම්මාන 2025 සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි විෂය ක්ෂේත්‍රA. කර්මාන්ත, ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශය (1-17)
1. පොදු අපද්‍රව්‍ය පිරිපහදු කළමණාකරණ පද්ධති/ඝන අපද්‍රව්‍ය නැවත ලබාගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ / බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත
2. රසායනිකනිෂ්පාදන කර්මාන්ත
3. වාහනසේවාස්ථාන
4. ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත
5. හෝටල්
6. රෙදිපිළිපිරිසැකසුම්කර්මාන්ත
7. ඖෂධනිෂ්පාදන සහරූපලාවන්‍යනිෂ්පාදනකර්මාන්ත
8. ආරෝග්‍යශාලා
9. රබර් ආශ්‍රිත කර්මාන්ත
10. සත්ත්ව ගොවිපල
11. නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත
12. තේ සැකසුම් කර්මාන්තශාලා
13. ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත)
14. ඛනිජආශ්‍රිතනිෂ්පාදනකර්මාන්ත
15. දැවමය ආශ්‍රිත නිෂ්පාදන
16. ලෝහ/යකඩ නොවන ලෝහ/යන්ත්‍රෝපකරණ/විදුලි/ඉලෙක්ටොනික් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත
17. පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති - කුඩා පරිමාණකුඩා ජලවිදුලි ව්‍යාපෘති, සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ සුළං බලශක්ති උත්පාදන ව්‍යාපෘති
වැඩිදුර තොරතුරු සඳහා
සහකාර අධ්‍යක්ෂිකා / ආචාර්ය එන්.එම්.එල් රාධිකා මහත්මිය 0725064285
ජේෂ්‍යඨ පරිසර නිලධාරී / අර්ශා කුමාරී මහත්මිය 0713486339
B. ආයතන, සමාජ සහ ජන මාධ්‍ය කාණ්ඩය (1-6)
4.පරිසර සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා කැපවී සිටින හොඳම රාජ්‍ය නොවන සංවිධානය
5.පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල් / විශ්ව විද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන / විවෘත අංශය)
6.ජන මාධ්‍ය අංශය
(මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මාධ්‍ය නිලධාරී ශ්‍රියංජනී ලොකුලියන මෙනෙවිය (077 6252288) අමතන්න.)
සමාජ මාධ්‍ය සඳහා අයදුම්පත්‍ර - සිංහල - word/PDF
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




