Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගැයීම ක්‍රියාත්මක කිරීම සහ අනුගතභාවය

පාරිසරික තත්ත්ව පිළිබඳ වන වැදගත්කම සංවර්ධන සැලසුම් තුළට ඇතුළත් කිරීම සඳහා පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ මහත් කාර්ය භාරයක් සිදු කරයි.

පාරිසරික බලපෑම් ඇගැයීම යම් ව්‍යාපෘතියක් පරිසරයට බලපෑම් එල්ල කළ හැකි ආකාරය කල් තියා හඳුනා ගැනීමට උපකාර වේ. එසේම යම් ව්‍යාපෘතියකින් ඇති කෙරෙන අහිතකර බලපෑම් අවම කර ගැනීම මගින් දේශීය පරිසරයට හිතකර තත්ත්වයට එම ව්‍යාපෘතිය ගෙන ඒම ද මෙමගින් සිදු වේ. මෙය නිලධාරීන්ට තීරණ ගැනීම පහසු කරවන යාන්ත්‍රණයක් ලෙස ද ව්‍යාපෘතියේ නියැළෙන්නාගේ අරමුණු වඩා සාර්ථකව සාක්ෂාත් කර ගැනීමට උපකාර වන්නක් ලෙස ද වැදගත් වේ. එමනිසා පාරිසරික බලපෑම් ඇගැයීම ස්ථිරසාර සංවර්ධනය ට උපකාර වන ප්‍රධාන සැලසුම්කරණ ක්‍රමෝපායයක් වශයෙන් දැක්විය හැකි යි.

ජාතික පරිසර පනත සහ තවත් නීතීන් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස නම් කර තිබේ.

Monday, 04 May 2026 04:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න