2008.02.01 දිනැති අංක 1534/18 දරණ අති විශේෂ ගැසට් නිවේදනය යටතේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය, උපලේඛනගත අපද්‍රව්‍ය ලෙස නම් කර දක්වා තිබේ.
2008 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ හා තත්ත්ව) රෙගුලාසි වල II කොටස යටතේ VIIIවන උපලේඛනයේ දක්වා ඇති පරිදි උපලේඛනගත අපද්‍රව්‍ය භාවිතයේ නියුතු (උත්පාදනය, එක්රැස් කිරීම, ප්‍රවාහනය කිරිම, ගබඩා කිරීම, නිෂ්කර්ෂණය හෝ ප්‍රතිචක්‍රීකරණය සහ එම අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ බැහැර කිරීම සඳහා භූමියක් හෝ පහසුකමක් සැපයීම) සියළුම පුද්ගලයින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි.
උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය
ප්‍රථම පරීක්ෂණ කටයුතු සඳහා පමණක් පරීක්ෂණ ගාස්තු අය කරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන ඇති කර්මාන්ත මෙම පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් නිදහස් වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරනු ලැබේ.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට ගෙන ඇති පියවර සතුටුදායක නම්, බලපත්‍ර ගාස්තුව ගෙවීමෙන් පසු අදාල බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
බලපත්‍ර ගාස්තු :
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය උත්පාදනය | රු. 1 000.00 |
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය එක්රැස් කිරීම | රු. 1 000.00 |
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගබඩා කිරීම | රු. 10 000.00 |
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම | රු. 2 000.00 |
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය | රු. 5 000.00 |
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිෂ්කර්ෂණය | රු. 5 000.00 |
| උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම | රු. 100 000.00 |
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




