Tamil-SriLankaEnglish (UK)

හොරණ, මිල්ලෑව, බන්ධනාගාරය ප්‍රතිස්ථානගත කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සදහා වන පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව

මධ්‍යම පරිසර අධිකාරිය

ජාතික පාරිසරික පනතේ 23 ආ ආ වගන්තියේ

දෙවන උපලේඛනය යටතේ දැනුම්දීමයි

හොරණ, මිල්ලෑව, බන්ධනාගාරය ප්‍රතිස්ථානගත කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සදහා වන පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව

1988 අංක 56 සහ 2000 අංක 53 දරණ පනත් මඟින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ අංක 23 ආ ආ (1) වගන්තිය යටතේ පනවා ඇති නියමවලට අනුකුලව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති හොරණ, මිල්ලෑවහි යෝජිත බන්ධනාගාරය ප්‍රතිස්ථානගත කිරීමේ ව්‍යාපෘතිය සදහා වන පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව, මෙම දැන්වීම පුවත්පතේ පලවන දින සිට දින 30 ක කාලසීමාවක් තුල පෙ.ව.8.30 සිට ප.ව 04.15 දක්වා මහජනතාවගේ පරික්ෂාව සඳහා පහත සඳහන් ස්ථානවල තබනු ලැබේ. (සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල හැර)

1.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ

2.ප්‍රාදේශීය සභාව, හොරණ

3.පුස්තකාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො.104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

4.කළුතර දිස්ත්‍රික් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො 7 A,සෙන්ට්‍රල් හංදිය,නාගොඩකළුතර

5.වෙබ් අඩවිය www.cea.lk

මෙම දැන්වීම පුවත්පතේ පලවන දින සිට දින 30 ක කාල සීමාවක් ඇතුළත මහජනතාව විසින් ඒ පිළිබඳ අදහස් ඇතොත් ඒවා ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දැන්විය හැකිය.

අධ්‍යක්ෂ ජනරාල්,

මධ්‍යම පරිසර අධිකාරිය

පරිසර පියස

අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

බත්තරමුල්ල.

 

 


Wednesday, 10 November 2021 06:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න