SinhalaSriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරි ආරම්භ කිරීම

මධ්‍යම පරිසර අධිකාරියේ කළමනාකාරිත්වයේ වෙනසක්!

මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස, මහේෂ් රාජපක්ෂ මහතා සිය රාජකාරි කටයුතු 2025 අගෝස්තු 25 දින ආරම්භ කරන ලදී. වරලත් පරිසර වෘත්තීයවේදියකු සහ පරිසර කළමනාකරණය සඳහා මෙන්ම තිරසර සංවර්ධනය පිළිබඳව ද පශ්චාත් උපාධිධාරියකු වන එතුමා, දේශීය සහ විදේශීය ආයතන රැසක පරිසර කළමනාකරණය පිළිබඳව වෘත්තීය අත්දැකීම් සහිත නිලධාරියකු වේ. නව රජය යටතේ, අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ආරම්භයේ සිට කටයුතු කරමින්, එහි කළමනාකාරිත්වයට පසුගිය මාස 08 පුරා සක්‍රීයව දායකත්වය සපයන ලදී.
මෙම මාස 08 ක කාලය තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ පද්මසිරි මූනමලේ මහතා, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස, හිස් වූ ධූරයට පත් කරනු ලැබ ඇති අතර මෙම අවස්ථාවට ඔහු ද සහභාගී විය.
රාජකාරි ඇරඹීමෙන් අනතුරුව පැවති සමස්ත කාර්ය මණ්ඩල රැස්වීම ඇමතූ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පූර්ණ කාලීනව කළමනාකරණ කටයුතු සඳහා දායකත්වය ලබා දීමේ අපහසුතාවක් ඇති වූ හෙයින්, ඔහුගේ ඉල්ලීම සලකා බලා, මෙම සංශෝධනය සිදු කළ බවත්, එහෙයින් සැලසුම් කළ පරිදිම ඉදිරි කටයුතු සිදු වනු ඇති බවත් ප්‍රකාශ කරන ලදී. අධිකාරියේ උන්නතිය උදෙසා කළමනාකාරිත්වයේ දැක්ම පිළිබඳව කෙටි දේශනයක් සිදු කරමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ තිරසර බව තහවුරු කරන්නා වූ, ප්‍රමුඛම රජයේ ආයතනය ලෙස රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිසි ලෙස ස්ථාපිත වෙමින්, ජනතා ප්‍රසාදය හා සහභාගිත්වය නොමඳව ලබන ආයතනයක් බවට පත් කිරීම පිණිස සමස්ත කාර්ය මණ්ඩලයටම එකමුතුව කටයුතු කරන ලෙස අරාධනා කරමින්, පුද්ගලික කරුණක් මත ධූරයෙන් ඉවත් වුව ද තම දායකත්වය නිරතුරුව දක්වන බව ද ප්‍රකාශ කරන ලදී. තමා මාස කිහිපයක් අධිකාරියේ කළමනාකාරිත්වයේ කටයුතු කරමින් ලද අවබෝධය ද සමගින්, කාලීනව රටට සිදු විය යුතු කාර්ය භාරය ඉටු කිරීමටත් කාර්ය මණ්ඩල සුභසාධනය මනාව පවත්වා‍ගෙන යාමටත්, අරඹා ඇති කාර්‍යයන් ඉදිරියට ගෙන යමින් හා නව ක්‍රමෝපායයන් හඳුන්වා දෙමින් සැලසුම් කළ ඉලක්ක සපුරා ගැනීමට සමස්ත කාර්‍ය මණ්ඩලයට නායකත්වය ලබා දෙමින්, ජනතාවාදී වූ නව රජයේ සංවර්ධන ක්‍රියාවලියට අධිකාරියේ උපරිම දායකත්වය ලබා දීම තම අරමුණ බව ප්‍රක‍ාශ කළ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා දැනුමින් සන්නද්ධ වෙමින්, විනය හා එකමුතු බවින් යුතු වෘත්තීයවේදීන් ලෙස කටයුතු කිරීමට අදිටන් කර ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී.

539883842 1080425247593964 8573856775186360809 n 534896763 1080424524260703 214178763113643656 n

535449037 1080425220927300 2117498016320157041 n

536270155 1080425104260645 4729305589414012293 n

 

 

Thursday, 28 August 2025 09:23 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு

hinq

ech1981ecnf

infoacttam

NEIC6

oilP

isoy

 

 airwaterIndex

 

செய்திகள் மற்றும் நிகழ்வுகள்