පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ පණිවුඩය ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.
|
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ පණිවුඩය ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.
|
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්යය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.
|
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පද්මසිරි මූණමලේ මහතාගේ පණිවුඩය පස, ජලය සහ වාතය වැනි අත්‍යවශ්‍ය සංරචක ඇතුළත් පරිසරය විශාල ජීවීන් සමූහයකට අපූරු වාසස්ථානයක් සපයයි. තවදුරටත් කියවන්න.
|
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
1 | 2006.10.10 දින අංක 1466/5 | 23 ද.වගන්තිය යටතේ ඝණකමින් මයික්‍රෝන් 20 හෝ ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිශ්පාදනයක් දේශීය භාවිතය සඳහා නිශ්පාදනය කිරීම,විකිනීම හෝ භාවිතා කිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය | මෙම නියමය 2017.09.01 දින අංක 2034/33 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත. |
2 | 2017.09.01 දින අංක 2034/33 |
|
|
3 |
2017.09.01 දින අංක 2034/34 | 23 ද.වගන්තිය යටතේ වැඩි ඝණත්වයෙන් යුත් පොලිඑතිලීන්,අඩු ඝණත්වයෙන් යුත් පොලිඑතිලීන් සහ පොලි ප්‍රොපිලීන්ද ඇතුලත් පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යෙදූ ආහාර දවටන(Lunch sheets) දේශීය භාවිතය සඳහා නිශ්පාදනය කිරීම, විකිනීම, අර්පණය, ප්‍රදර්ශණය,නොමිලේ ලබා දීම හෝ භාවිතා කිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය | - |
4 |
2017.09.01 දින අංක 2034/35 | 23 ද.වගන්තිය යටතේ 900 × 600 × 260 මි.මී.හෝ ඊට ඉහල පරිමාණයේ,රෙදිපිලි බහාලුම් මළු හැර දේශීය භාවිතය සඳහා වැඩි ඝණත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් වන මළු නිෂ්පාදනය, විකිණීම, විකිනීම සඳහා අර්පණය, ප්‍රදර්ශණය,නොමිලේ ලබා දීම හෝ භාවිතා කිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය | |
5 |
2017.09.01 දින අංක 034/36 | 23 එ. හා 23 ඒ. වගන්තිය යටතේ 2017 අංක 1 දරණ ජාතික පාරිසරික (ප්ලාස්ටික් අඩංගු කසල හා පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එලිමහනේ පිලිස්සීම තහනම් කිරීමේ) නියෝගය | |
6 | 2017.09.01 දින අංක 2034/37 | 23 ද.වගන්තිය යටතේ සියළුම ආකාරයේ පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිඑතිලීන් නිශ්පාදන හෝ පොලිප්‍රොපිලීන් නිශ්පාදන දේශපාලන, සමාජීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථා වලදී සැරසිලි සඳහා භාවිතය තහනම් කිරීමේ නියෝගය | |
7 | 2017.09.01 දින අංක 2034/38 | 23 ද.වගන්තිය යටතේ දේශීය භාවිතය සඳහා ප්‍රසාරිත පොලිස්ටයරීන් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි ( Lunch boxes ) පිඟන්,කෝප්ප හා හැඳි නිෂ්පාදනය,විකිනීම,විකිනීම සඳහා අර්පණය,නොමිලේ ලබා දීම,ප්‍රදර්ශණය හෝ භාවිතය තහනම් කිරීමේ නියෝගය. | |
8 | 2021.01.21 දින අංක 2211/50 | 32 වගන්තිය යටතේ, 2021 අංක 01 දරණ ජාතික පාරිසරික (ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ප්‍රමිති ) නියෝගය. | |
9 | 2021.01.21 දින අංක 2211/51 | 23 ද.(1) (අ) වගන්තිය යටතේ යම් ක්‍රියාවලියක් /කර්මාන්තයක් හෝ වෙළඳාමක් සඳහා කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් ලෙස පොලි එතිලීන් (PET) හා පොලි වයිනයිල් ක්ලෝරයිඩ් (PVC) පාවිච්චි කිරිම, ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට හැර, ශුද්ධ පරිමාව මි.ලී.20 ට /ශුද්ධ බර ග්‍රෑම් 20 ට සමාන හෝ ඊට අඩු ප්ලාස්ටික්* සැෂේ (shachet) ඇසුරුම් ලෙස පාවිච්චි කිරිම, ප්ලාස්ටික්* බැලුන්, බෝල, දිය මත පාවෙන ජල ක්‍රීඩා සෙල්ලම් බඩු / උපකරණ හැර හුලං වලින් පිරවිය හැකි ප්ලාස්ටික්* සෙල්ලම් බඩු නිශ්පාදනය හා වෙළඳාම* ,වෛද්‍ය /සායනික ප්‍රතිකාර සඳහා භාවිතා කරන ප්ලාස්ටික්* කොට්න් බඩ්ස් හැර ප්ලාස්ටික්* කූර (stem) සහිත කොට්න් බඩ්ස් නිශ්පාදනය හා වෙළඳාම්* කිරීම 2021.01.21 දින සිට තහනම් කිරීමේ නියෝගය |
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999