|
|
|
![]() |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 24-ඇ සහ 24-D අංශ යටතේ බලය පැවැරුණු ගැසට් නිවේදන ප්‍රකාශන මගින් පාරිසරික වටිනාකමක් ඇති විශේෂ පරිසර කලාප රක්ෂිත පරිසර පරිශ්‍ර ලෙස නම් කරනු ලැබේ. එවැනි රක්ෂිත පරිසර පරිශ්‍ර ආශ්‍රිත සැලසුම්කරණ සහ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, ක්‍රියාකිරීම, බලය යෙදවීම හා රාජකාරි කිරීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කෙරේ.
මෙම ඒකකය සතුව පහත දැක්වෙන රක්ෂිත පරිසර පරිශ්‍ර පිළිබඳ සිතියම් පවතී.
ග්‍රෙගරි වැව
වලවුවෙවත්ත, වතුරණ
බොල්ගොඩ ජලාශය
තලංගම ජලාශය
මාරගල පර්වතය
නකල්ස් වනාන්තර
හන්තාන වනාන්තරය
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999