පරිසර අමාත්‍යාංශයේ සංකල්පයක් අනූව වායුගෝලය තුළ සිදුවන හදිසි ගුණාත්මක භාවයේ පහළ යාම් පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාකාරී සැලැස්මක් පාර්ශ්වකාර ආයතන 15 කට ආසන්න සංඛ්‍යාවකගේ සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකසා ඇත.
මෑත කාලීනව වසරේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා මාසයන් හී දී වාතයේ අවලම්බිත ක්ෂුද්‍ර අංශු වල ඉහළ යාමක් සිදුවන අතර මේ නිසා ඇති විය හැකි හදිසි වායු තත්ත්ව ව්‍යසනයන් සඳහා පෙර සූදානමක් වශයෙන් එම ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදු විය. ඒ අනුව, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂණ අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, කම්කරු දෙපාර්තමේන්තුව,ප්‍රවාහන, මහා මාර්ග, කාලගුණ දොර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මධ්‍යම පරිසර අධිකාරිය යන පාර්ශවකාර ආයතන හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගයාන් බෝවත්ත මහතා ගේ ද සහභාගීත්වයෙන් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ පළමු ක්‍රියාකාරී කමිටු රැස්වීම 2024 නොවැම්බර් මස 05 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999