පරිසර අමාත්‍ය ඉංජිනේරු ගරු නසීර් අහමඩ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පරිසර සේවා තවදුරටත් ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. මෙම රැස්වීම පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙහෙයවන ලදී. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව තිරසර සංවර්ධනය සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුකූලතා ලබාදීම කඩිනම් කරන ලෙසත්, ක්‍රියාත්මක ව්‍යාපෘති පාරිසරික නිර්දේශ ප්‍රකාරව ක්‍රියාත්මක වන්නේදැයි නිරන්තරයෙන් පසුවිපරම් කරන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. පළාත් පාලන ආයතන වෙත "ඩී" වර්ගයේ සුළු පරිමාණ කර්මාන්ත සඳහා අදාල පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහාය හා මඟ පෙන්වීම් නිරන්තරයෙන් ලබා දෙන ලෙස ද දන්වන ලදී. ජාතික පාරිසරික පනත සංශෝධන ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද දැනුම් දුන් අතර එමගින් වත්මන් පරිසර ගැටලු ගණනාවකට විසඳුම් සොයා ගත හැකි බව ද සිහිපත් කරන ලදී. පාරිසරික සේවා සැපයීමේදී මාර්ගගත ක්‍රමවේදය කාර්යක්ෂමව යොදා ගැනීමේ වැදගත්කමද අවධාරණය කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999