Tamil-SriLankaEnglish (UK)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා ඇති වූ, මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය.

සිංගප්පූරු ධඡයක් යටතේ, ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයට නාවික සැතපූම් 9.5 ක දුරින් මුහුදු සීමාවේ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, කන්ටේනර් බහාලූම් ආශ්‍රිතව යම් කිසි ගිනිගැනීමක් සිදුවන බව 2021 මැයි මස 20 වන දින වාර්තා විය.
මේ තුළින් සිදුවිය හැකි පාරිසරික හානිය පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 21 හා 22 දිනයන්හි පවත්වන ලදී.
එහිදි සාකච්ඡා කරන ලද කරුණු හා පදනම්ව, මෙම නෞකාව ගිනි ගැනීම නිසා නිපද වී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කරන ලද අතර, එය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට හා එම අපද්‍රව්‍ය ඉවත්කර වෙරළ පිරිසිදු කිරීම් කටයුතු සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම් කටයුතු සිදුකරන ආයතන සඳහා මේවන විටත් ලබාදී ඇත.
එම මාර්ගෝපදේශ මාලාව අනුගමනය කරමින්, නියමිත ආරක්ෂණ  ක්‍රමවේදයන්ට අනුව ගබඩා කරන ලද මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කන්ටේනර් 15ක්, මේ වන විටත් වෙරළ තීරයෙන් ඉවත් කර N & Y  ආයතන පරිශ්‍රයෙහි ස්ථානගත කර ඇත. මෙම ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් විසින් නිරන්තර පසුවිපරමට ලක්කරන අතර, වායු තත්ත්ව කළමනාකරණ හා පසුවිපරම් ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ වායු තත්ත්ව පරික්ෂාවන් ද නිරන්තරයෙන්  සිදුකරනු ලබයි.
අපද්‍රව්‍ය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අධීක්ෂණ කටයුතු  සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා, මධ්‍යම පරිසර අධීකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ඇතුළු රසායනාගර නිලධාරීන් පසුගිය මැයි 31 වන දින අදාළ ප්‍රදේශයන්හි ක්ෂේත්‍ර නිරික්ෂණයකට ද සහභාගී වූහ.


123IMG-20210530-WA0030IMG-20210530-WA0037IMG-20210530-WA0041IMG-20210530-WA0044IMG-20210530-WA0045IMG-20210531-WA0021IMG-20210531-WA0025

On May 20, 2021, the Singapore-flagged Containership, ‘MV X-Press Pearl’ reported smoke from the cargo hold while at Colombo anchorage, 9.5 Nautical miles away from ports of Sri Lanka.

Considering the environmental impact due to this fire engulfed ship, a couple of emergency meetings were arranged on 21stand 22nd of May 2021 with all relevant stakeholders to discuss further action.

Furthermore, the Central Environmental Authority has issued guidelines to manage the mixed hazardous waste generated from the fire engulfed ship to Marine Environmental Protection Authority (MEPA) and other relevant parties who are involved in this cleaning and storing process.

To observe this beach cleaning and hazardous waste storing process Mr. Hemantha Jayasinghe, Director General, CEA, Mr. Ajith Weerasundara, Director, Hazardous Waste and  Chemical Management Unit and Officers of Laboratory Services participated in this field inspection recently (on 31.05.2021).

At the moment around 15 mixed waste Containers have been safely transported to N and Y marine services yard and they were stored under proper sealed condition. This process will be continued and currently the CEA officers actively engage in the monitoring of the entire process. Air quality of the affected area is also being monitored by the CEA officers.

 

සිංගප්පූරු ධඡයක් යටතේ, ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයට නාවික සැතපූම් 9.5 ක දුරින් මුහුදු සීමාවේ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, කන්ටේනර් බහාලූම් ආශ්‍රිතව යම් කිසි ගිනිගැනීමක් සිදුවන බව 2021 මැයි මස 20 වන දින වාර්තා විය.

මේ තුළින් සිදුවිය හැකි පාරිසරික හානිය පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 21 හා 22 දිනයන්හි පවත්වන ලදී.

එහිදි සාකච්ඡා කරන ලද කරුණු හා පදනම්ව, මෙම නෞකාව ගිනි ගැනීම නිසා නිපද වී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කරන ලද අතර, එය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට හා එම අපද්‍රව්‍ය ඉවත්කර වෙරළ පිරිසිදු කිරීම් කටයුතු සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම් කටයුතු සිදුකරන ආයතන සඳහා මේවන විටත් ලබාදී ඇත.

එම මාර්ගෝපදේශ මාලාව අනුගමනය කරමින්, නියමිත ආරක්ෂණ  ක්‍රමවේදයන්ට අනුව ගබඩා කරන ලද මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කන්ටේනර් 15ක්, මේ වන විටත් වෙරළ තීරයෙන් ඉවත් කර N & Y  ආයතන පරිශ්‍රයෙහි ස්ථානගත කර ඇත. මෙම ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් විසින් නිරන්තර පසුවිපරමට ලක්කරන අතර, වායු තත්ත්ව කළමනාකරණ හා පසුවිපරම් ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ වායු තත්ත්ව පරික්ෂාවන් ද නිරන්තරයෙන්  සිදුකරනු ලබයි.

අපද්‍රව්‍ය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අධීක්ෂණ කටයුතු  සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා, මධ්‍යම පරිසර අධීකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ඇතුළු රසායනාගර නිලධාරීන් පසුගිය මැයි 31 වන දින අදාළ ප්‍රදේශයන්හි ක්ෂේත්‍ර නිරික්ෂණයකට ද සහභාගී වූහ.

Wednesday, 02 June 2021 05:28 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

PEA2021

app1ns

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න