Tamil-SriLankaEnglish (UK)

හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩසටහන


පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනුව, දියත් කෙරෙන හුස්ම දෙන තුරු පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා ඇක්සස් ඉංජිනියරින් ආයතනය එක්ව දක්ෂිණ අධිවේගී මාර්ගයේ 92 වන කිලෝමීටර් කණුව දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් 2021/04/08 දින ක්‍රියාවට නංවන ලදී.
මධ්‍යම  පරිසර අධිකාරියේ දකුණු  පළාත් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේද, මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සකස් කරන ලද, රුක්රෝපණ යෙදවුම (Arc GIS Tree Planting App) එළිදැක්වීම හා  පැළ රෝපණය කරන අවස්ථාවේදීම දත්ත ඇතුළත් කිරීම ද මෙදින සිදුකරන ලද අතර, මෙම යෙදවුම සඳහා ඉදිරියට සංවිධානය කරනු ලබන රුක්රෝපණ වැඩසටහන් වලදී දත්ත ඇතුළත් කිරීමට ද බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත්  අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ මහතා, පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනි පෙරියප්පෙරුම මහත්මිය, පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වැ/බ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා, ඇක්සස් ඉංජිනියරීන් ආයතනයේ සාමාන්‍යාධිකාරි ලගත් ගම්ලත්ගේ මහතා, මානව සම්පත් කළමනාකරු  චින්තිකා ලක්මාලි මහත්මිය සමඟ ඇක්සස් ඉංජිනියරින් ආයතනයේ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහභාගී වූහ.
මීට අමතරව පරිසර අමාත්‍යතුමන්ගේ මහජන සම්බන්ධතා සහකාර ලේකම් ටී. එච්. එම්. පී. සාගර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

DSC01748DSC01754DSC01769DSC01795DSC01797DSC01800PHOTO-2021-04-09-11-19-29PHOTO-2021-04-09-11-19-29 1PHOTO-2021-04-09-11-19-30PHOTO-2021-04-09-11-19-31PHOTO-2021-04-09-11-19-32PHOTO-2021-04-09-11-19-33

Thursday, 22 April 2021 04:26 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න