Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන, ආහාර දවටන කර්මාන්ත ශාලාවක්,අත්තනගල්ලේදී වටලයි....

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2021අප්‍රේල් 01දින ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකයේ නිලධාරීන්, පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත, වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එම ආයතනය වැටලිම සිදුකරන අවස්ථාවේදීද අඩු ඝනත්වයකින් යුත් පොලිඑතිලින්(LDPE),වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු දැකගත හැකිවිය.
මෙම කර්මාන්තශාලා හිමිකරු පරිසර ආරක්ෂණ බලපත්‍රය සහ ව්‍යාපාර බලපත්‍රය ලබානොගෙන මෙම නිෂ්පාදනයන් සිදුකර ඇත. තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී වැටලීම් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් වල දී සනාත වූයේ, එම ආයතනය විසින් දිවයින පුරා  මෙම නිෂ්පාදනයන් තොග වශයෙන් අලෙවි කරනු ලබන බවයි. රුපියල් ලක්ෂ 20ක පමණ වටිනාකමකින් යුක්තවූ  ටොන් 1ක පමණවූ තහනම් පොලිතීන් සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී. එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී.

PHOTO-2021-04-05-16-23-38thumbnail PHOTO-2021-04-05-16-23-37thumbnail PHOTO-2021-04-05-16-23-37 1thumbnail PHOTO-2021-04-05-16-23-39thumbnail PHOTO-2021-04-05-16-23-39 1

Thursday, 22 April 2021 04:16 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න