Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත්බිම් දිනය - 2021

2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව අනෙකුත් ආයතනයන්හි දායකත්වයෙන්, “තෙත්බිම් සහ ජලය” යන තේමාව පෙරදැරිව ආනවිලුන්දාව රැම්සා ජාත්‍යන්තර අභයභූමියේදී පවත්වන ලදී.මෙදින උත්සවය,  අලිවැට, අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැළැ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක, ග්‍රාමිය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, අභය භූමිය තුළ කඩොලාන වගා කිරීම ද සිදුකරන ලදී.

මෙවර ලෝක තෙත්බිම් දිනයට සමගාමීව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව පැවැත්වූ දීප ව්‍යාප්ත කෙටි ඉදිරිපත් කිරීම් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානයද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්,  සූරියබණ්ඩාර මහතා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුලුව මධ්‍යම පරිසර අධිකාරියේ  පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී එම් කේ දිසානායක මහතා, පුත්තලම දිස්ත්‍රික් පරිසර නියමු කොමසාරිස් ඒ එච් එම් සාෆී මහතා සමඟ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පරිසර නියමු ස්වර්ණ පදක්කම්ලාභී අල් අක්ෂා ජාතික පාසලේ සිසුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

4b2bfef3-a742-4d8d-875e-3c4cbf3e09199a60c3b3-458d-4f70-a250-97e6a240285048b31db0-b9ae-4232-94ae-ae9190b8b7363845dd6c-f9d1-4605-832d-ba753d420c02

Friday, 05 February 2021 10:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 isoy

PEA2021

app1ns

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න