ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්ත සඳහා පාරිසරික එකඟතාව නිකුත් කිරීමේ ක්‍රියාවලිය
සංශෝධන පනත් (1980 අංක 43, 1983 අංක 21, 1992 අංක 49 සහ 2002 අංක 9) අනුව සංශෝධනය කරන ලද 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතෙහි 17(2) පරිච්ඡේදය යටතේ මධ්‍යම පරිසර අධිකාරියත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් 1996 දී එළඹ ඇති එකඟතාවයකට අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තවලින් සිදුවන පරිසර දූෂණය පාලනය කිරීමේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙය වීම සිදු කෙරෙනුයේ මධ්‍යම පරිසර අධිකාරිය මගිනි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ නියමිත කටයුතු/කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වු , 2008.01.25 දිනැති අංක 1533/16 දරන ගැසට් නිවේදනයේ සඳහන් ˝අ˝,˝ආ සහ ˝ඇ˝ කාණ්ඩ යටතේ දක්වා ඇති කර්මාන්ත ක්‍රියාකාරකම්/නියමිත කටයුතු සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සහ යෝජිත ව්‍යාපෘති සඳහා වනපාරිසරික නිර්දේශ නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබාගත යුතුය.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත.
එක් එක් කර්මාන්ත ක්‍රියාවලි සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර පහත සඳහන් ලිපි ලේඛන සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර කළමනාකරණ අංශයට ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා වන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය (“අ”,“ආ”හා “ඇ”කාණ්ඩ සඳහා)
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
1. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 03කට පෙර
2. සැපයූ තොරතුරු වල යම් වෙනස් කමක්, දීර්ඝ කිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කර මාසයක් ඉකුත් වීමට පෙර
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999