Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ පණිවිඩය.

IMG 7027 - Copy

 

 

මානව වර්ගයා හා පරිසරය අතර පවතින අන්‍යෝන්‍ය බැඳිම කවරේද යත්, එය මිනිසත් බවේ දිර්ඝ කාලීන පැවැත්ම සහතික කරනු     ලබන්නකි.  පාරිසරික තුලනයක් රහිත වතාවරණය තුළ ජිවත්වීමට යමෙකුට වාසය කිරිමට සිදුවන්නේ නම්, එය මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් හා ගැටලුවක් බවට පත්වන අතර,  එවන් අහිතකර ප්‍රතිඵල හා බලපෑම් පාලනය කර ගැනිමට මහත් සේ වෙර වෑයම් දැරිමට සිදුවනු ඇත.

ලෝක සිතියමේ සුවිශේෂි වූ පාරිසරික වශයෙන් වැදගත් තැනක පිහිටි අපගේ මාතෘභූමියේ පුරවැසියන් වීම පිළිබඳව අප සියලු දෙනා ආඩම්බර විය යුතුය. අපගේ  මාතෘභූමියට උරුම ව ඇති සියළු ස්වභාවික දායාදයන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම අද දවසේ අපගේ සුවිශේෂි කාර්ය භාරයක් බවට පත්ව ඇත.
මෙම දුත කාර්යය නියාමනය කර ගැනිම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවශ්‍ය සියළු නීතීමය ප්‍රතිපාදන සහිතව හා දක්ෂ නිලධාරි මණ්ඩලයක් සමඟ මනා ලෙස ස්ථාපිත කරනු ලැබ ඇත. එසේම අප සමස්ත කාර්ය මණ්ඩලය, සෑම සියළු ශ්‍රී ලාංකිකයින් පරිසරය සුරැකීමේ උතුම් කාර්ය භාරයට හා කර්ත්‍යවයට උරදී හා පවරාදෙනු  ලැබ ඇති අතර, ඒ සඳහා අවැසි නායකත්වය සපයමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා හා අධ්‍යක්ෂ ජනරාල් වන මා විසින්  හට ගැනෙන සියළු බාධක ජය ගනිමින් සෑම අවස්ථාවක දීම මෙම උත්තරීතර කර්ත්‍යවය සාක්ෂාත් කර ගැනීමෙහිලා කටයුතු කරනු ලබන අතර, ශ්‍රී ලංකා භූමිය තුළ මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා මාගේ පූර්ණ ආශීර්වාදය හා සුබාශිංසන මෙයින් පිරිනමමි.

 

 

හේමන්ත ජයසිංහ
අධ්‍යක්ෂ ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය

Friday, 27 December 2024 10:28 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න