මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම රාජ්‍ය ආයතන වලින් ප්‍රධාන එකක් ලෙස හඳුනාගත හැකිය. එයට විශේෂිත ම හේතුව වන්නේ පරිසරය සහ රටේ ආර්ථිකය යන ද්විත්වයට ම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යයන් සෘජුව සහ වක්‍රව යන දෙයාකාරයෙන් ම සම්බන්ධ වීමයි. ඒ, සංවර්ධන කටයුතු, කර්මාන්ත, ව්‍යාපෘති සහ ආයෝජන ආදී බොහෝ කටයුතුවල දී මධ්‍යම පරිසර අධිකාරියේ සේවය ඒ සඳහා විවිධාකාරයෙන් ලබා දෙන බැවිනි. පරිසර සුරක්ෂිතතාව සහ පරිසර කළමනාකරණය යන කාර්යයන් සිදුකරන අතර ම රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීම කාලීන අවශ්‍යතාවකි. එබැවින්, පරිසරය සුරක්ෂිත කරමින් සංවර්ධන කාර්යයන් සඳහා අවකාශ සලසාදෙමින් තිරසර සංවර්ධන ඉලක්ක වෙත පිවිසීමට දොරටු විවර කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය.
1980 අංක 47 දරන “ජාතික පාරිසරක පනත” අනුව කටයුතු කරන අපි, අප රට ජාත්‍යන්තරය සමඟ එකඟතා ඇතිකරගෙන තිබෙන සම්මුති, එකඟතා ආදිය පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් කටයුතු කරන්නෙමු. ඒ සමඟ ම වර්තමාන තත්ත්වයන්ට ගැළැපෙන ලෙස “ජාතික පරිසරික පනත” සංශෝධනය කිරීමට දැනටමත් ගෙන ඇති පියවර ඉක්මන් කර නීති බලාත්මක කිරීමට ද අප කටයුතු කළ යුතුය. එලෙසම, අප අධිකාරියේ කාර්යයන් කාර්යක්ෂම කිරීමට හැකි වැඩපිළිවෙළක් සැකසී ම කළ යුතු වන අතර කාර්යාලීය සේවක පිරිසේ ගැටලු පිළිබඳ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ඒ, මෙම සියලු කාරණා දම්වැලක පුරුක් මෙන් රටේ සංවර්ධනයට මෙන් ම පරිසර සුරක්ෂිතතාවට විවිධාකාරයෙන් හේතුවන බැවිනි.
අපට හුස්ම දෙන, අපට ජලය දෙන, අපේ සෑම අවශ්‍යතාවක් ම පාහේ ඉටුකර දීමට උර දෙන අපේ පරිසරය රැකගැනීම පිළිබඳ මිනිසුන් වන අපගේ දායකත්වය සැම විට ම ලබා දීම, අප සැමගෙන් මේ දියතට ඉටුවිය යුතු යුතුකම සහ වගකීම බව මතකයේ තබා ගනිමින් අපි කටයුතු කරමු.
මහාචාර්ය තිලක් හේවාවසම්
සභාපති
මධ්‍යම පරිසර අධිකාරිය
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999