Tamil-SriLankaEnglish (UK)

පාරිසරික තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති,ප්‍රමිති හා උපමාන සහ මාර්ගෝපදේශ සකස් කිරීම

පරිසර හිතකාමී අයුරින් කර්මාන්ත පිහිටුවීම සඳහා මාර්ගෝපදේශ මාලා සකස් කිරීම

ශ්‍රී ලංකාවේ කර්මාන්ත මඟින් සිදුවන පාරිසරික දූෂණය දිනෙන් දින උග්‍රවන ගැටළුවකි. මෙම කර්මාන්ත පාරිසරික ආරක්ෂණ බලපත්‍ර         ක්‍රමවේදයට අනුගත කිරීම හා ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුකූලව කටයුතු කිරීම සඳහා කර්මාන්තකරුවන් මෙහෙයවීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය වේ.

මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ ප්‍රධන අරමුණ වනුයේ, පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියට අවශ්‍ය පරිදි කාර්මික පරිසර දූෂණය පාලනය සඳහා පළාත් පාලන ආයතන සහ කර්මාන්ත ප්‍රජාවවෙත සහය දැක්වීමයි.

වර්තමානයේදී ලබා ගත හැකි මාර්ගෝපදේශන

  • පරිසර හිතකාමී කර්මාන්ත පිහිටු වීම සඳහා මාර්ගෝපදේශ - වාහන සේවා ස්ථාන
  • පරිසර හිතකාමී කර්මාන්ත පිහිටු වීම සඳහා මාර්ගෝපදේශ - කළුගල් ඇඹරුම් කර්මාන්ත
  • පරිසර හිතකාමී කර්මාන්ත පිහිටු වීම සඳහා මාර්ගෝපදේශ - වී මෝල්
  • පරිසර හිතකාමී සත්ත්ව ගොවිපළ පිහිටු වීම සඳහා මාර්ගෝපදේශ
    • ගව හා එළු පාලන ක්ෂේත්‍ර
    • සූකර පාලන ක්ෂේත්‍ර
    • කුකුළු පාලන ක්ෂේත්‍ර

මුද්‍රණය කිරිමට යෝජිත මාර්ගෝපදේශන මාලා

  • පරිසර හිතකාමී කර්මාන්ත පිහිටු වීම සඳහා මාර්ගෝපදේශ - හුණුගල් පෝරණු
  • පරිසර හිතකාමී කර්මාන්ත පිහිටු වීම සඳහා මාර්ගෝපදේශ - බේකරි
Tuesday, 18 July 2023 03:58 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න