බාසල් සම්මුතියේ කරුණු ස්ථාපිත කරවීම (www.basel.int)
බාසල් සම්මුතියේ ජාතික නිල ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම සම්මුතියේ සඳහන් කර ඇති අපද්‍රව්‍ය ආනයනය, අපනයනය සහ බැහැර කිරීම සම්බන්ධයෙන් වන යෝජනා ස්ථාපනය කරවීම සිදු කෙරේ.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ වැඩ පිළිවෙළ
ශ්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් නොමැති බැවින් බාසල් සම්මුතියේ අ ලැයිස්තුව යටතේ දක්වා ඇති අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් වේ.
බාසල් සම්මුතියේ ආ ලැයිස්තුව යටතේ දක්වා ඇති අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ආනයනිකයා/කර්මාන්තහිමියා විසින් මධ්‍යම පරිසර අධිකාරිය හෝ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වේ. පසුව එම යෝජනාව, බාසල් සම්මුතියේ යෝජනා ස්ථාපිත කිරිම සඳහා වන විශේෂඥ තාක්ෂණික කමිටු සාමාජිකයින් ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කෙරේ. මෙම තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් මත අදාල ආනයනය කොන්දේසි සහිතව අනුමත කිරීම හෝ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කිරීම සිදු කෙරේ. වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව වෙත මෙහි දී ගන්නා තීරණ ලිඛිතව දන්වා යවනු ලැබේ.
කර්මාන්ත සඳහා අපද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් පහත සඳහන් වැදගත් තීරණ වලට මේ වන විට එළඹ තිබේ.
අපද්‍රව්‍ය/ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආනයනය කීරීමේ ක්‍රියා පිළිවෙළ
ආනයනය කිරිමට අදහස් කරන ද්‍රව්‍ය බාසල් සම්මුතියේ අ හෝ ආ ලේඛනයට අයත් වන්නේදැයි පරීක්ෂා කිරිම
ආනයනය කිරිමට අදහස් කරන ද්‍රව්‍ය බාසල් සම්මුතියේ අ ලේඛනයට අයත් වන්නේ නම් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිම; ආනයනය කිරිමට අදහස් කරන ද්‍රව්‍ය බාසල් සම්මුතියේ ආ ලේඛනයට අයත් වන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ බාසල් තාක්ෂණික විශේෂඥ කමිටුව වෙත පහත දැක්වෙන තොරතුරු සහ ලේඛන සමග අයදුම් පතක් ඉදිරිපත් කිරිම
ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය නිෂ්පාදනය කරන ලද රටෙහි සහ ප්‍රභවයෙහි නෛතික අවසරය
වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ පිටපතක් - ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය භාවිතා කිරිමට අදහස් කරන කර්මාන්තය වෙත වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබිය යුතුයි.
ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යය සම්භවය වූ රටෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තා, එම රටෙන් ලබා ගන්නා ලද අමුද්‍රව්‍ය සහ සංයෝග සම්මිශ්‍රණය කරන ලද ප්‍රමාණයන් පිළිබඳ වාර්තා
ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යයේ විෂ රහිත බව සහ පිරිසිදුභාවය පිළිබඳ පිළිගත් රසායනාගාරයක් වෙතින් ලබා ගත් විමර්ශන වාර්තාව
ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යයේ නියැදියක් හෝ ඡායාරූපයක්
මෙම ලිපි ලේඛන සියල්ල ඉදිරිපත් කිරීමෙන් පසු,
මධ්‍යම පරිසර අධිකාරියේ බාසල් තාක්ෂණික විශේෂඥ කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කිරීම
බාසල් තාක්ෂණික විශේෂඥ කමිටුවේ තීරණ බාසල් සම්මුතියේ යෝජනා ස්ථාපනය කිරීම සඳහා වන ජාතික සම්බන්ධීකරණ කමිටුව වෙත යොමු කිරීම
ජාතික සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබුණු පසුව බාසල් සම්මුතියේ ආ ලේඛනය යටතේ දැක්වෙන අපද්‍රව්‍ය/ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආනයනය කළ හැකි වේ.
අනුමැතීන් අලුත් කිරීමට පෙර අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අදාල කර්මාන්තය සහ කර්මාන්ත ක්‍රියාකාරකම් විමර්ශනයට ලක් කෙරේ.
බලපත්‍රය ඊළඟ වර්ෂය සඳහා අලුත් කිරීමේ දී කර්මාන්තහිමියන් විසින් ආනයනය කිරීමට අදාල ද්‍රව්‍යයේ පවතින ඉතිරි ප්‍රමාණය පිළිබඳ වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපනයනය කිරිම සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියා පිළිවෙළ
අවශ්‍ය අදාල ලිපි ලේඛන මෙසේ යි.
මූල්‍යමය වගවීම සහ රක්ෂණාවරණය
අපද්‍රව්‍ය බැහැර කරන්නා/ ආනයනය කරන්නා සමග ඇති කර ගත් ගිවිසුම- සියළුම අපනයන බලපත්‍ර සඳහා සියළුම සංක්‍රමණයන් ආවරණය වන පරිදි දැනුම් දෙන්නාගෙන් ආරම්භ කර බැහැර කිරිමේ පහසුකම් සලසන්නා තෙක් වන ලිඛිත කොන්ත්‍රාත්තුවක් හෝ කොන්ත්‍රාත් දාමයකි. කොන්ත්‍රාත්තුවේ නම සඳහන් පුද්ගලයා විසින් අපද්‍රව්‍ය කළමනාකරණයේ සියළුම වගකීම්- එම අපද්‍රව්‍ය ප්‍රතික්ෂේප වී නැවත පැමිණීමක දී පවා- දැරිය යුතු වේ.
අදාල බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍රය ආනයන රාජ්‍යයට සහ අපනයන රාජ්‍යයන් ට දැනුම් දීම
ආනයන රාජ්‍යයෙන් සහ අපනයන රාජ්‍යයන් ගෙන් ලිඛිත අවසරයන් ලබා ගැනීම
නිසි කොන්දේසි සහිතව අවසාන අනුමැතිය ලබා දීම
අපනයන රාජ්‍යයක් හෝ රාජ්‍යයන් ගෙන් අවසරය නොලැබුණු යම් අවස්ථාවක දී අපනයනකරුට අපනයන ගමන් මාර්ගය වෙනස් කරන ලෙස හෝ අපනයනය අත්හිටුවන ලෙස උපදෙස් දෙනු ලැබේ.
ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව ලිඛිතව දැනුම්වත් කරනු ලැබේ.
නිකුත් කෙරෙන සියළුම බලපත්‍ර වලංගු වන්නේ මාස 12 ක කාල සීමාවකට යි. ඒ අනුව එක් බලපත්‍රයකින් අනුමත ටොන් ගණනේ සීමාව තෙක් අපනයන වාර කිහිපයක් ආවරණය කළ හැකි වේ. මේ සඳහා අපනයන අපද්‍රව්‍යය සහ අපනයන ගමන් මාර්ගයේ අවසාන නැවතුම නොවෙනස් විය යුතුයි.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අනුමැතිය ලබා දීම
බාසල් දැනුම් දීමේ ආකෘති පත්‍රය සහ අනෙකුත් ලිපි ලේඛන පරීක්ෂාවට ලක් කිරීම.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව වෙත පිටපත් සහිතව අදාල කොන්දේසි සඳහන් කරමින් අනුමැතිය ලිඛිතව ලබා දීම.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999