SinhalaSriLankaTamil-SriLanka

ජාතික පාරිසරික පණත යටතේ නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)

  • කාර්මික අපසන්දන (අප ජල) තත්ත්ව කලමණාකරණය
PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 1990.02.02 දින අංක 595/16 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 1988 අංක 56 දරණ පනතින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වන වගන්තිය යටතේ කාර්මික අපසන්දන සඳහා ධාරන සීමා මුල් වරට හඳුන්වා දෙමින් පනවන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග. මෙම නියෝග2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත.
2 2008.02.01 දින අංක 1534/18

1990.02.02 දින අංක 595/16 දරණ ගැසට් නිවේදනයේ පලවූ 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග පරිච්චින්න කර නව ධාරන සීමා හඳුන්වා දෙමින් පනවන ලද නියෝග.

මෙහි 2, 3 ,4, හා 7 වැනි නියෝග 2022.01.27 අංක 2264/17 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර ඇත.

 

3

2022.01.27 දින අංක 2264/17 23 අ. සහ 23 ආ. වගන්ති යටතේ 2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2008 අංක 01 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග වල 2, 3 ,4, හා 7 වැනි නියෝග සංශෝධනය කිරීමේ නියෝගය -

 

  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ( පා.ආ.බ.) නිකුත්කිරීමේ පරිපාටිය
PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 1990.02.02 දින අංක 595/16 32 වන වගන්තිය යටතේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය මුල් වරට හඳුන්වා දුන් 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග. මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර, 2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත
2 2000.11.22 දින අංක 1159/22 1990.02.02 දින අංක 595/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහතත්ත්ව)නියෝගසංශෝධනය කර,23.අ වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් පලමු වරට නිශ්චය කරමින පැනවූ නියෝග.
3 2008.01.25 දින අංක 1533/16 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23අ. වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය. මෙම නියමය 2022.01.27 දින අංක 2264/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත
4 2022.01.27 දින අංක 2264/18

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23 අ.වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර.ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය

 
-

 

 

  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අභියාචනා පටිපාටිය
PDF

ගැසට් පත්‍රය

උදෘතය සටහන
1

1994.12.20 දින අංක 850/4

මධ්‍යම පරිසර අධිකාරිය හෝ එමඟින් බලය පවරන ලද වෙනත් ඕනෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනයක් මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරිම ප්‍රතික්ෂේප කිරීම/අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම /අත්හිටුවීම/ අවලංගු කිරිමකට එරෙහිව කිසියම් බලපත්‍ර ලාභියෙකුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනා කිරිමේ අවස්ථාව ලබා දෙමින් 23 උ. වගන්තිය යටතේ නිකුත් කරන ලද ,පාරිසරික (අභියාචනා පරිපාටිය ) නියෝගය. -
  • සංසරණ ජල තත්ව කලමණාකරණය

 

PDF

ගැසට් පත්‍රය

උදෘතය සටහන
1

2019.11.05 දින අංක 2148/20

රට අභ්‍යන්තර ජලාශ වල සංසරන ජලය කාණ්ඩ 6 ක් යටතේ උපලේඛණ ගත කර ඒවාට අදාල සංසරණ ජල තත්ත්ව ප්‍රමිති ඉක්මවා යන ලෙස ,කිසියම් දූෂ්‍යකාරකයක් බැහැර කිරිම,විමෝචනය කිරිම,හෝ මුදාහැරීම කිසිදු තැනැත්තකු විසින් නොකල යුතු බවට මුල් වරට, 23 උ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක 1දරණ ජාතික පාරිසරික (සංසරණ ජල තත්ත්ව) නියෝග. -
Last Updated on Monday, 17 July 2023 08:35

Latest News & Events

  • 1
  • 2
Annual Presidential Environment Awards 2025 The 11th Annual Presidential Environment Awards 2025,... Read more
Commencement of Work – 2026 | Central Environmental Authority The Inaugural Session marking the commencement of work... Read more