Tamil-SriLankaEnglish (UK)

මා ඔයෙහි ජලයේ තත්ත්වය පාලනය කිරීමේ ව්‍යාපෘතිය

අරණායක, බිබිල පර්වතය සහ කඩුගන්නාව ආශ්‍රිත කඳුකරයෙන් ආරම්භ වන මහ ඔය වර්ග කිලෝ මීටර 1538ක පෝෂක කලාපයකින් සහ දිගින් කිලෝ  මීටර 130ක ප්‍රමාණයකින් යුක්ත වේ. මෙම පෝෂක කලාපයේ බොහෝ ප්‍රදේශ වල සාමාන්‍ය වර්ෂාපතනය වර්ෂයකට මිලි මීටර 3800 ඉක්මවයි. වාර්ෂිකව ගංගාවෙන් ගලා බසින සාමාන්‍ය ජල ප්‍රමාණය මීටර මිලියන 1485ක් පමණ වේ.

කඩුගන්නාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මහ ඔය දිස්ත්‍රික්ක හතරක් ඔස්සේ ගලා බසී. කෑගල්ල (දිස්ත්‍රික්කයෙන් 32%), කුරුණෑගල (දිස්ත්‍රික්කයෙන් 8%) ගම්පහ (දිස්ත්‍රික්කයෙන් 23%) සහ පුත්තලම (දිස්ත්‍රික්කයෙන් 2% ක කුඩා ප්‍රමාණයක්) මේ අතර වේ. එයින් මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත් තුනම ආවරණය කෙරෙයි. මා ඔයේ ජලය ඒ ආශ්‍රිත කුඹුරු, රබර්, තේ සහ පොල් වගා කටයුතු වලින් විශේෂණයට ලක් කෙරී ඇත.

මා ඔයේ ජලය ජල විදුලිය සඳහා යොදා ගනු නො ලැබේ. එහි වැදගත්ම ප්‍රයෝජනය නම් පානීය ජලය සඳහා ජලය සපයා ගැනීමයි. 200,000 ක පමණ ග්‍රාමීය ජන ගහණයකට අවශ්‍ය පානීය ජලය සැපයීම සඳහා දැනට මා ඔය ආශ්‍රිතව ජල සැපයුම් ආදාන ස්ථාන 14ක් පමණ පවතී.


ජල සාම්පල ලබා ගත් ස්ථාන දැක්වෙන සිතියම

සාම්පල ලබා ගත් ස්ථාන භූ ගෝලීය පිහිටීම

කොච්චිකඩේ පාලම

නැ.දේ 79 51 51, උ.අ. 7 16 14

බඩල්ගම පාලම

නැ.දේ 80 11 39, උ.අ. 7 18 07

කොටදෙණියාව පාලම

නැ.දේ 80 03 41, උ.අ. 7 17 07

ගිරිඋල්ල පාලම

නැ.දේ 80 07 23, උ.අ. 7 19 45

අලවුව පාලම

නැ.දේ 80 14  26, උ.අ. 7 17 34

කරදන පාලම

නැ.දේ 80 18 55, උ.අ. 7 19 17

හිරිවඩුන්න පාලම

නැ.දේ 80 23 04, උ.අ. 7 17 17

මාවනැල්ල පාලම

නැ.දේ 80 26 20, උ.අ. 7 15 10

 

සාම්පල ලබා ගත් ස්ථානය

ජලයේ තත්ත්ව දර්ශකය

සෞඛ්‍යාරක්ෂිත භාවය

ශ්‍රේණිය

වර්ණ කේතය

කොච්චිකඩේ පාලම

53 දුර්වලයි D තැඹිලි

බඩල්ගම පාලම

63 දුර්වලයි D තැඹිලි

කොටදෙණියාව පාලම

68 සාමාන්‍යයි C කහ

ගිරිඋල්ල පාලම

72 සාමාන්‍යයි C කහ

අලවුව පාලම

66 සාමාන්‍යයි C කහ

කරදන පාලම

68 සාමාන්‍යයි C කහ

හිරිවඩුන්න පාලම

60 දුර්වලයි D තැඹිලි

මාවනැල්ල පාලම

74 සාමාන්‍යයි C කහ

 

මහ ඔය ජල සාම්පල ලබා ගත් ස්ථාන ආශ්රිඋත ජලයේ තත්ත්ව දර්ශක අගයයන් දැක්වෙන වගුව

ජලයේ තත්ත්ව දර්ශක අගයයන් ඒවා ලබා ගත් ස්ථාන අනුව ගඟෙහි පහළ පිහිටුම සිට ඉහළට වන සේ වගුවේ දක්වා ඇත. ඉහළම ජලයේ තත්ත්ව දර්ශක අගයය වාර්තා වන්නේ ජල සාම්පල ලබා ගත් ඉහළම පිහිටුම වන මාවනැල්ල පාලමප්‍රදේශයෙනි. අඩුම ජලයේ තත්ත්ව දර්ශක අගයය වාර්තා වන්නේ ජල සාම්පල ලබා ගත් පහළම පිහිටුම වන කොච්චිකඩේ පාලම ප්‍රදේශයෙනි. කිලෝ මීටර 130ක දිගින් යුතු මහ ඔයේ මාවනැල්ල පාලම දක්වා වන පළමු කිලෝ මීටර 30 ඉහළ ගංගා කලාපය ලෙසත් මුහුදු මට්ටමේ සිට බඩල්ගම පාලම දක්වා වන අවසාන කිලෝ මීටර 30 පහළ ගංගා කලාපය ලෙසත් ඉතිරි අතරමැදි කිලෝ මීටර 70 මධ්‍යම ගංගා කලාපය ලෙසත් හැඳින්වේ.

  • මාවනැල්ල පාලම දක්වා වන ඉහළ ගංගා කලාපය

ඉහළ ගංගා කලාපයේ ජල නියැදි ලබා ගත් ස්ථානය අනෙකුත් ස්ථාන 7ට ම වඩා යහපත් ජල තත්ත්වයක් පෙන්නුම් කරයි. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8 ට සාපේක්ෂව මාවනැල්ල පාලම ප්‍රදේශයෙන් ජලයේ ඉහළම ගුණාත්මක භාවය වාර්තා වී තිබේ. මෙම ස්ථානය මාවනැල්ල නගරයට පානීය ජලය සැපයෙන ස්ථානය ට නුදුරින් පිහිටා ඇති අතර එතැන් සිට ගංගාව ගලා බසිනුයේ කඳුකර ප්‍රදේශය ඔස්සේ වීම නිසා ජලයට වැඩි වශයෙන් වාතය මිශ්‍ර වේ. ගෘහාශ්‍රිත නෑම් සහ සේදීම් ආදියෙන් බැහැර කෙරෙන ජලය හැරුණු විට මෙම ඉහළ කලාපයේ ජලය ට අපද්‍රව්‍ය මිශ්‍ර වීම ඉතා අවම වේ. මෙම ජලයේ අපද්‍රව්‍ය ඉතා කලාතුරකින් පමණක් වාර්තා වීමේ සහ එසේ වාර්තා වන සාන්ද්‍රණය අඩු වීමේ තත්ත්වය පරාමිතීන් සැලකිල්ලට ගැනීමේ දී පැහැදිලිව නිරීක්ෂණය වන කරුණකි. එසේම සම්මත අගය ඉක්ම වූ එකම පරාමිතිය රොන්මඩ ප්‍රමාණය වන අතර ඇතාම් විට වාර්තා වූ පරාමිතීන් නම් රසායනික ඔක්සිජන් ඉල්ලුම 16.7%ක්, ආම්ලාකතාව 16.7%ක් සහ මළ මිශ්‍ර වීම 16.7% ක් වශයෙනි.

  • හිරිවඩුන්න පාලම - මධ්‍යම ගංගා කලාපය

මාවනැල්ල පාලම දක්වා වන මධ්‍යම ගංගා කලාපය ගඟෙහි ඉහළ කලාපයට සාපේක්ෂව අඩු ගුණාත්මයකින් යුක්ත වේ.  පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් 7වන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය ජාතික ජල සම්පත් සහ ජලාපවහන මණ්ඩලයේ හිරිවඩුන්න ජල ආදාන මධ්‍යස්ථානයට ඉතා ආසන්නයේ පිහිටා ඇත. මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් සමතලා භූමි කලාපයක් වන අතර ජනාකීර්ණ පරිසරයක් වේ. එම නිසා ජලය ට වාතය මිශ්‍ර වීම අඩු අගයයක් ගනී. මෙම ප්‍රදේශයේ දී ජලය ට රබර් කර්මාන්ත ශාලා සහ වාහන සේවා මධ්‍යස්ථාන ආදී කර්මාන්ත වලින් බැහැර කෙරෙන කර්මාන්ත අපජලය සෑහෙන ප්‍රමාණයක් එකතු වේ. වැලි ගොඩ දැමීම, නෑම සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්‍රියාකාරකම් ඉහළ අගයයක් ගැනීම ද මෙම ප්‍රදේශයේ ජලයේ අඩු ගුණාත්මය ට සහ පහත් ජල තත්ත්ව දර්ශක අගයට හේතු වේ. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්‍රමාණය වන අතර ඇතැම් විට ද්‍රාවිත ඔක්සිජන්-16.7%, රසායනික ඔක්සිජන් ඉල්ලුම-16.7%, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම-16.7% සහ මළ මිශ්‍ර වීම-33.3%  යන පරාමිතීන් ද වාර්තා වී ඇත.

  • කරදන පාලම - මධ්‍යම ගංගා කලාපය

හිරිවඩුන්න පාලම ප්‍රදේශයට පසුව තෝරා ගන්නා ලද ස්ථානය වන කරඳන පාලම ප්‍රදේශය එහි ඉහළ ගංගා කලාපයට වඩා යහපත් අගයයක් ගනී. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් 3වන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය ජාතික ජල සම්පත් සහ ජලාපවහන මණ්ඩලයේ ජල ආදාන මධ්‍යස්ථානයට ඉතා ආසන්නයේ මීටර 100ක් පමණ ඉහළින් පිහිටා ඇත. ජලය ගලා යාම සිදු වන්නේ කඳුකර ප්‍රදේශයක් ඔස්සේ ය. එම නිසා ජලයට වාතය මිශ්‍ර වීම සාපේක්ෂව ඉහළ අගයයක් ගනී.

ගඟෙහි මෙම කොටස වෙත සුළු පරිමාණ කර්මාන්ත ක්‍රියාකාරකම් සහ කෘෂිකර්මාන්ත ක්‍රියාකාරකම් වලින් බැහැර කෙරෙන අපජලය මිශ්‍ර වේ. වැලි ගොඩ දැමීම, නෑම සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්රියාකාරකම් ඉහළ අගයයක් ගැනීම ද මෙම ප්රදේශයේ ජලයේ ගුණාත්මය අඩු වීම ට සහ පහත් ජල තත්ත්ව දර්ශක අගයට හේතු වේ. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්රමාණය වන අතර ඇතැම් විට ද්‍රාවිත ඔක්සිජන්-16.7%, රසායනික ඔක්සිජන් අවශ්යතාව-16.7%, සහ මළ මිශ්‍ර වීම-16.7%  යන පරාමිතීන් ද වාර්තා වී ඇත.

  • අලව්ව පාලම - මධ්‍යම ගංගා කලාපය

කරදන පාලම ට යාබද මධ්‍යම ගංගා කලාප සාම්පල ස්ථානය වන අලව්ව පාලම ප්‍රදේශය එහි ඉහළ ගංගා කලාපයට වඩා පහත් ජල තත්ත්වයක් වාර්තා කරයි. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් 5වන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය අලව්ව නගරය ආශ්‍රිතව පිහිටා ඇති අතර ජලය ගලා බැසීම සිදු වන්නේ සාපේක්ෂව තැනිතලා භූමියක් මතිනි. එම නිසා ජලය ට වාතය මිශ්‍ර වීමේ ඉඩකඩ ද අඩු වේ. මෙම ප්‍රදේශයේ ජලය වෙත අලව්ව නගරයේ අපජලය, සුළු පරිමාණ කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් බැහැර කෙරෙන අපජලය සහ කෘෂිකර්මාන්ත කටයුතු වලින් නිකුත් කෙරෙන අපජලය මිශ්‍ර වේ. වැලි ගොඩ දැමීම, නෑම සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්‍රියාකාරකම් ඉහළ අගයයක් ගැනීම ද මෙම ප්‍රදේශයේ ජලයේ ගුණාත්මය අඩු වීම ට සහ පහත් ජල තත්ත්ව දර්ශක අගයට හේතු වේ. නමුත් ඇතැම් විට අතු ගංගා වල එක් වීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජලයේ ගුණාත්මය සාමාන්‍යයෙන් රැකී පවතින බව පෙනී යයි. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්‍රමාණය වන අතර ඇතැම් විට ක්‍රෝමියම්-16.7%, සහ මළ මිශ්‍ර වීම-50.0%  යන පරාමිතීන් ද වාර්තා වී ඇත.

  • ගිරිහුල්ල පාලම - මධ්‍යම ගංගා කලාපය

අලව්ව පාලම ට යාබද මධ්‍යම ගංගා කලාපයේ ජල නියැදි ලබා ගත් ස්ථානය වන ගිරිහුල්ල පාලම ප්‍රදේශය එහි ඉහළ ගංගා කලාපය ට සාපේක්ෂව යහපත් ජල තත්ත්වයක්  වාර්තා කරයි. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් 2වන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය ගිරිඋල්ල නගරය ආශ්‍රිත ගල් පර්වත සහිත තැනිතලා ප්‍රදේශයක පිහිටා තිබේ. එම නිසා ජලයට වාතය මිශ්‍ර වීම සාපේක්ෂව ඉහළ අගයක් ගනී. මෙම ප්‍රදේශයේ ජලය වෙත ගිරිහුල්ල නගරයේ අපජලය, සුළු පරිමාණ කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් බැහැර කෙරෙන අපජලය සහ කෘෂිකර්මාන්ත කටයුතු වලින් නිකුත් කෙරෙන අපජලය මිශ්‍ර වේ. නෑම සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්‍රියාකාරකම් මෙම ප්‍රදේශයෙහි අවම වීම නිසා එවැනි අපද්‍රව්‍ය ජලයට එක් නො වුව ද වැලි ගොඩ දැමීම ඉහළ අගයයක් ගනී. අතුගංගා එක් වීම නිසා ජලයේ තත්ත්වය ඉහළ ගොස් ඇති අතර ජලයේ තත්ත්ව දර්ශක අගය ද ඉහළ යෑමට එය හේතුවක් වී තිබේ. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්‍රමාණය සහ මළ මිශ්‍ර වීම නිසා ඇති වන කොලිෆෝම් බැක්ටීරියා ගණත්වය -50.0% වන අතර අනෙකුත් පරාමිතීන් වාර්තා වී නැත.

  • කොටදෙණියාව පාලම - මධ්‍යම ගංගා කලාපය

ගිරිහුල්ල පාලම ට යාබද මධ්‍යම ගංගා කලාපයේ ජල නියැදි ලබා ගත් ස්ථානය වන කොටදෙණියාව පාලම ප්‍රදේශය එහි ඉහළ ගංගා කලාපය ට සාපේක්ෂව පහත් ජල තත්ත්වයක්  වාර්තා කරයි. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් 3වන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය කොටදෙණියාව නගරයෙන් බැහැර ව ගල් පර්වත සහිත තැනිතලා බිමක් ඔස්සේ පිහිටා ඇත. එම නිසා වාතනය වීම යහපත් ය. මෙම ප්‍රදේශයේ ජලය වෙත සුළු පරිමාණ කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් බැහැර කෙරෙන අපජලය සහ කෘෂිකර්මාන්ත කටයුතු වලින් නිකුත් කෙරෙන අපජලය මිශ්‍ර වේ. මෙම කලාපය ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක පිහිටා ඇති නිසා කැණීම්. නෑම්, සේදීම් සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදී මානව ක්‍රියාකාරකම් මගින් ජලය දූෂණය වීම අවම යි. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්‍රමාණය වන අතර ඇතැම් විට රසායනික ඔක්සිජන් ඉල්ලුම-33.3%, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම-16.7% සහ මළ මිශ්‍ර වීම-16.7%  යන පරාමිතීන් ද වාර්තා වී ඇත.

  • බඩල්ගම පාලම දක්වා වන පහළ ගංගා කලාපය

කොටදෙණියාව පාලම ට යාබද මධ්‍යම ගංගා කලාපයේ ජල නියැදි ලබා ගත් ස්ථානය වන බඩල්ගම පාලම ප්‍රදේශය එහි ඉහළ ගංගා කලාපය ට සාපේක්ෂව පහත් ජල තත්ත්වයක්  වාර්තා කරයි. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් 6වන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය බඩල්ගම නගරයෙන් බැහැර ව තැනිතලා බිමක් ඔස්සේ පිහිටා ඇත. එම නිසා වාතනය වීම අඩු අගයක් ගනී. මෙම ප්‍රදේශයේ ජලය වෙත මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් බැහැර කෙරෙන අපජලය සහ කෘෂිකර්මාන්ත කටයුතු වලින් නිකුත් කෙරෙන අපජලය මිශ්‍ර වේ. මෙම කලාපය ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක පිහිටා ඇති නිසා කැණීම්. නෑම්, සේදීම් සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදී මානව ක්‍රියාකාරකම් මගින් ජලය දූෂණය වීම අවම යි. කර්මාන්ත ක්‍රියාකාරකම් සහ වැලි ගොඩදැමීම් ආදිය හේතුවෙන් ජලයේ ගුණාත්මය අඩු වීම සහ ජල තත්ත්ව දර්ශක අගයය අඩු වීම සිදු වේ. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්රමාණය වන අතර ඇතැම් විට රසායනික ඔක්සිජන් ඉල්ලුම-33.3%, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම-33.3% සහ මළ මිශ්‍ර වීම-16.7%  යන පරාමිතීන් ද වාර්තා වී ඇත.

  • කොච්චිකඩේ පාලම දක්වා වන පහළ ගංගා කලාපය

බඩල්ගම පාලම ට යාබද මධ්‍යම ගංගා කලාපයේ ජල නියැදි ලබා ගත් ස්ථානය වන කොච්චිකඩේ පාලම ප්‍රදේශය එහි අනෙකුත් සාම්පල ස්ථාන වල ට සාපේක්ෂව අඩු ම ජල තත්ත්වය  වාර්තා කරයි. පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන 8න් අවසාන ස්ථානය මෙම ප්‍රදේශයේ ජලයේ තත්ත්ව දර්ශක අගය ට හිමි ව තිබේ. මෙම සාම්පල ස්ථානය කොළඹ-හලාවත ප්‍රධාන පාර හරහා වූ තැනිතලා බිමක් ඔස්සේ පිහිටා ඇත. එම නිසා වාතනය වීම අඩු අගයක් ගනී. මෙම ප්‍රදේශයේ ජලය වෙත මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් බැහැර කෙරෙන අපජලය සහ කෘෂිකර්මාන්ත කටයුතු වලින් නිකුත් කෙරෙන අපජලය මිශ්‍ර වේ. මෙම කලාපය අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති නිසා වැලි ගොඩ දැමීම්, නෑම්, සේදීම් සහ ගෘහාශ්‍රිත අපජලය සහ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදී මානව ක්‍රියාකාරකම් මගින් ජලය දූෂණය වීම ඉහළ අගයක් ගනී. මෙම ප්‍රදේශය ගංගා මුවවිට ට ඉතා ආසන්න නිසා ලවණ ජලය මිශ්‍ර වීම වරින් වර සිදු වන අතර පෙබරවාරි-මාර්තු කාලය අතර තුර මෙම සිදුවීම උපරිම අගයයක් ගනී. කර්මාන්ත ක්‍රියාකාරකම්, අනාකුත් මානව ක්‍රියාකාරකම් සහ ලවණ ජලය මිශ්‍ර වීම ජලයේ ගුණාත්මය අඩු වීම සහ ජල තත්ත්ව දර්ශක අගයය අඩු වීම ට බලපාන ප්‍රධාන හේතු සාධක  වේ. සෑම විටම ඉහළ අගයයක් ගන්නා ලද්දේ රොන්මඩ ප්‍රමාණය වන අතර ඇතැම් විට ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය-16.7%, රසායනික ඔක්සිජන් ඉල්ලුම-50.0%, ඝන අපද්‍රව්‍ය සාන්ද්‍රණය-33.3% සහ මළ මිශ්‍ර වීම-66.7%  යන පරාමිතීන් ද වාර්තා වී ඇත.

ගංගාවේ මධ්‍යම සහ පහළ කලාප වල දී සිදුවන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මහ ඔයේ ජලය දූෂණය වීමේ අවකාශ පැතිරුම අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස සැලකිය නො හැකි ය. මූලාශ්‍ර රහිත ස්වාභාවික හේතූන් මත සිදු වන ජල දූෂණය පසුබිම් දූෂණය ලෙස සැලකිය හැකි ය. එසේම, පහළ ගංගා කලාපය වෙත පිළියම් කළ කර්මාන්ත අපජලය වැඩි වශයෙන් බැහැර කිරීම ද සිදු වේ.

 

Monday, 04 November 2013 06:22 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න