2024 දෙසැම්බර් 24 වනදා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පැවැත්විය. මෙම අවස්ථාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතාද සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මෙම හමුවේ අරමුණ පැහැදිලි කළ අතර අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි මූණමලේ මහතා අධිකාරියේ කාර්යභාරය සහ අනාගත සැලසුම් පිළිබඳව විස්තර කරන ලදී.
සැලසුම් අධ්‍යක්ෂිකා ආචාර්ය චන්දි විජේසිංහ මහත්මිය ද අධිකාරියේ අනාගත සැලසුම් සම්බන්ධව ඉදිරිපත් කරන ලද අතර මානව සම්පත්, මුදල් සහ පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනට ආයතනයේ පවතින ගැටළු පෙන්වා දෙන ලදී.
මෙම අභියෝග ජයගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යතුමා ඇතුළු පිරිස සාකච්ඡා කරන ලද අතර මධ්‍යම පරිසර අධිකාරියේ ඉදිරි කටයුතු සඳහා මෙය ඉතා වැදගත් අවස්ථාවක් විය.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999