පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට කරන ලදී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩිලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.
මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2021ජනවාරි 25 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝමාගම, මීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එම ආයතනය වැටලිම සිදුකරන අවස්ථාවේදීද අඩු ඝනත්වයකින් යුත් පොලිඑතිලින් (LDPE),වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු දැකගත හැකිවිය.
මෙම කර්මාන්තශාලා හිමිකරු පරිසර ආරක්ෂණ බලපත්‍රය සහ ව්‍යාපාර බලපත්‍රය ලබානොගෙන මෙම නිෂ්පාදනයන් සිදුකර ඇත. තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී වැටලීම් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් වල දී සනාත වූයේ, එම ආයතනය විසින් කොළඹ කොටුව ආශ්‍රිතව මෙම නිෂ්පාදනයන් තොග වශයෙන් අලෙවි කරනු ලබන බවයි. රුපියල් මිලියනයක පමණ වටිනාකමකින් යුක්තවූ මෙට්‍රික් ටොන් 3 ක මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී. එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999