Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන, ආහාර දවටන කර්මාන්ත ශාලාවක්, පිළියන්දල දී වටලයි....

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට කරන ලදී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩිලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2020 සැප්තැම්බර්30දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝමාගම, පනාගොඩප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එම ආයතනය වැටලිම සිදුකරන අවස්ථාවේදීද අඩු ඝනත්වයකින් යුත් පොලිඑතිලින්(LDPE), හා කැල්සියම් කාබනේට් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු දැකගත හැකිවිය.

මෙම කර්මාන්තශාලා හිමිකරු පරිසර ආරක්ෂණ බලපත්‍රය සහ ව්‍යාපාර බලපත්‍රය ලබානොගෙන මෙම නිෂ්පාදනයන් සිදුකර ඇත. තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී වැටලීම් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුක්තවූ කිලෝ ග්රෑම් 230ක මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.

 

 

thumbnail PHOTO-2020-09-30-14-30-18thumbnail PHOTO-2020-09-30-14-30-18 2thumbnail PHOTO-2020-09-30-14-30-20thumbnail PHOTO-2020-09-30-14-30-20 1thumbnail PHOTO-2020-09-30-14-30-22

Friday, 02 October 2020 09:18 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න