2020 ජුනි මස 05 වන දිනට යෙදුණු පරිසර දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් “ශ්‍රී ලංකාවේ අපූර්ව ජෛව විවිධත්වය” යන තේමාව ඔස්සේ මාර්ගතගත ක්‍රමවේදය භාවිත කරමින් දීප ව්‍යාප්තව පවත්වන ලද ඡායාරූප සහ ගීත රචනා තරගයේ නිර්මාණ එළිදැක්වීම සහ ත්‍යාග ප්රදානය 2020 සැප්තැම්බර් මස 25 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මාර්ගගත ක්‍රමයට පවත්වන ලද පාරිසරික ඡායාරූප තරඟය සඳහා එක් තරගකරුවෙකුට උපරීම ලෙස ඡායාරූප 10 ක් එවීමට අවස්ථාව ලබාදුන් අතර, තරගකරුවන් 138 දෙනෙකු ඡායාරූප 1034 ක් තරගය සඳහා යොමු කර තිබුණි. සිංහල, දෙමළ මාධ්‍යයෙන් ගීත රචනා තරගය සඳහා එක් ගීත රචනාව බැගින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදි තිබූ අතර, ගීත රචනා 229 ක් තරගකරුවන් 229 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණි. ඊට සිංහල මාධ්‍ය ගීත රචනා 229 ක් ද දෙමළ මාධ්‍ය ගීත රචනා 30 ක් ද අන්තර්ගත විය.
ජයග්රාහි පළමු, දෙවන හා තෙවන ස්ථානය දිනාගත් සිංහල මාධ්‍ය ගීත රචනාවන් පිළිවෙලින් ප්‍රවීණ ගායන් ශිල්පිණි. කථිකාචාර්ය, නෙලු අධිකාරි, ප්‍රවීණ ගායන ශිල්පි සමන් ලෙනින්, ප්‍රවීණ ගායන ශිල්පිණි සෂිකා නිසංසලා යන මහත්ම මහත්මීන් විසින් එදින සජීවීව ගායනා කරන ලද අතර, සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සිදුකරන ලදී. ඡායාරූප තරගයේ ජයග්‍රහණය කරන ලද ඡායාරූප හා තෝරාගත් විශිෂ්ට නිර්මාණයන් ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් ද මෙදින පවත්වන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සයමාසිකව නිකුත් කරනු ලබන සොබාකෙත පාරිසරික සඟරාව, ජයග්රාහි ඡායාරූප ඇතුළත් ඡායාරූප ග්‍රන්ථය හා පාරිසරික ගීත ඇතුළත් සංගත තැටිය ගරු අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම හා එළිදැක්වීමේ අවස්ථාව ද මෙදින සිදුකරන ලදී. උත්සවයේ ආරාධිත දේශනය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය යන මාතෘකාව යටතේ වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය විසින් පවත්වන ලදී.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සමඟ පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන්හි සභාපතිවරුන්, අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සමග ජයග්‍රාහී නිර්මාණකරුවන්, පාසල් දරුවන් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999