කෘෂි රසායන හා රසායනික පොහොර භාවිතය මෙන්ම වැරදි ඉඩම් පරිහරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉඩම්වල සිදුවන භෞමික ජලදුෂණය සම්බන්ධයෙන් සිදුකළ ශාස්ත්‍රීය පර්යේෂණයක විද්‍යාත්මක තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
ප්‍රධාන වශයෙන් ජල මූලාශ්‍ර වලට සිදුවන බලපෑම අවම කිරීමේ තාක්ෂණයන් හා ප්‍රායෝගික භාවිතාවන්, කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායිතාව වැඩිකිරීමේ ක්‍රමවේද, පරිසර දුෂණය අවම කිරීම හා මානව සෞඛ්‍ය යහපත් තත්ත්වයෙන් පවත්වා ගැනීමට අදාළව නවතම තොරතුරු මෙන්ම ජල දුෂණයට ප්‍රතිවිපාක හා අවම කල හැකි ආකාරය මෙම පර්යේෂණය ඔස්සේ හඳුනාගෙන තිබේ. මෙම පර්යේෂණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වය ඇතිව, අර්ථචර්යා පදනම විසින් සිදුකරන ලදී.
එම පර්යේෂණයේ ප්‍රතිඵල සමාජගත කිරීමේ අරමුණින්, මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂේත්රීය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා වැඩමුළුව පැවැත්වූහ. මෙදින වැඩමුළුව සඳහා සම්පත්දායකයින් ලෙස, විෂය ප්‍රවීණ ආචාර්ය, මහාචාර්යවරුන් ගණනාවක් සහභාගී වූ අතර, 100ක පමණ නිලධාරි පිරිසක් ද සහභාගී විය. මෙම වැඩමුළුව පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනි පෙරියප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරිසර ප්‍රවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999