මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන ජල තත්ත්ව රසායනාගාරය ISO17025: 2017 තත්ව සහතිකය ලබාගැනීම සඳහා වූ විගණනය 2020 අගෝස්තු මස 20 සහ 21 දෙදින තුළදි පවත්වන ලදී.
මෙහි ප්‍රධාන අරමුණු වූයේ, ප්‍රධාන රසායනාගාරය නිකුත් කරනු ලබන රසායනාගාර වාර්තා වල නිරවද්‍යතාවය සඳහා ප්‍රමිතිගත කිරීමයි.
මෙම වැඩසටහනේ ආරම්භක රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, එහිදී මෙම තක්සේරු කිරීමේ අරමුණු ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ කණ්ඩායම් නායක මිතිලා ගුණසේකර මහත්මිය විසින් පැහැදිලි කරන ලද අතර, අධ්‍යක්ෂිකා රසායනාගාර සේවා වසන්තා විජේසිංහ මහත්මිය විසින් රසායනාගාර ප්‍රතීතන ක්‍රියාවලියේදී රසායනාගාර නිලධාරින්ගේ කාර්යභාරය හා වගකීම් පිළිබඳව ද වැඩිදුරටත් විස්තර කරන ලදී.
විගණන කටයුතු අවසානයේදී ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ කණ්ඩායම් නායිකා මනීෂා වික්‍රමසිංහ මෙනෙවිය විසින් විගණනයෙන් අනාවරණය වූ සොයාගැනීම් සහ නොගැලපීම් සමාලෝචනය කරන ලදී.
පරිසර දුෂණ පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කේ එච් මුතුකුඩආරච්චි මහතා විසින් මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය තුළ ක්‍රියාත්මක කිරීමට ලබාදුන් සහයෝගය ද මෙහිදී ප්‍රතීතන මණ්ඩලයේ ප්‍රශංසාවට ලක්විය.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999