Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන, ආහාර දවටන කර්මාන්ත ශාලාවක්, පිළියන්දල දී වටලයි....

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට කරන ලදී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩිලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2020 අගෝස්තු27දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එම ආයතනය වැටලිම සිදුකරන අවස්ථාවේදී අඩු ඝනත්වයකින් යුත් පොලිඑතිලින් (LDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු දැකගත හැකිවිය.

මෙම නිෂ්පාදනයන් සිදුකිරීමේ දී පරිසර ආරක්ෂණ බලපත්‍රය මෙන්ම ව්‍යාපාර බලපත්‍රය ද ලබාගෙන තිබුණි. තවද තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී සොයා ගන්නා ලදී.

එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් වල දී සනාත වූයේ එම ආයතනය විසින් කොළඹ කොටුව ආශ්‍රිතව මෙම නිෂ්පාදනයන් තොග වශයෙන් අලෙවි කරනු ලබන බවයි. රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින් යුක්තවූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.

 

thumbnail IMG 20200827 141537thumbnail IMG 20200827 141546thumbnail IMG 20200827 141555

Monday, 31 August 2020 07:03 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න