ගරු පරිසරඅමාත්ය මහින්ද අමරවීර මැතිතුමා 25.08.2020 දින පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
නව කැබිනට් අමාත්‍ය ධුරයේ රාජකාරී ඇරඹිමෙන් පසු සිය අමාත්‍යාංශයට අයත් ආයතන නිරීක්ෂණයට හා කාර්ය මණ්ඩල ඇමතිමට ගරු අමාත්‍යතුමා පියවර ගන්නා ලදි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහමහතා හා අධ්යක්ෂ ජනරාල් පි.බි. හේමන්ත ජයසිංහ යන මහත්වරුන් විසින් මධ්‍යම පරිසර අධිකාරියට පැමිණි ගරු අමාත්‍යතුමා පිළිගන්නා ලදි.
නව අමාත්‍යතුමා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අමතා ප්‍රකාශ කර සිටියේ, අතිගරු ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණය මූලික කරගනිමින් තිරසර සංවර්ධනය ලඟා කරගැනිමට ඇති කැපවිම පළකර ඇති බැවින් හැම ආයතනයක්ම සහ අප සියළුදෙනාම ඊට සහයෝගය දිය යුතු බවයි. තහනම් පොලිතින් වෙනුවට පරිසර හිතකාමි නිෂ්පාදන හඳුන්වාදිමට හා ජනතාව අතර ප්‍රචලිත කිරිමට ඉදිරියේදි අප පියවර ගත යුතු බවත්, ඒ සඳහා ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලෙසත් තව දුරටත් පැවසීය.
මෙම අවස්ථාවට පරිසර අමත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහමහතාමධ්යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහමහතා, අධ්යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පරිසර අමත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999