මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ, මධ්‍යම පරිසර අධිකාරිය තුළ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, එමඟින් ගුණාත්මක සේවාවක් සැපයීම තුළින් සමස්ත කාර්ය සාධනය හා පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ නැංවීමට අරමුණු කරගෙන ඇත.
මේ සම්බන්ධ රැස්වීමක් 2020 ජුනි 19 දින මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී සියලු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන් හා අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එස්. යූ නාරංගොඩ මහත්මිය මෙම වැඩසටහනට සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999