Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ සියළු ජල තත්ත්ව පරික්ෂණ රසායනාගාර සඳහා, ජල හා අපජල පරික්ෂා කිරීමේ ඇමරිකානු ප්‍රමිතීන් හඳුන්වාදීම.

මධ්‍යම පරිසර අධිකාරියේ සියළුම ජල තත්ත්ව පරික්ෂණ රසායනාගාර සඳහා රසායනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධ වැඩමුළුවක් 2020 ජනවාරි මස 24 දින මධ්‍යම පරිසර අධිකාරියේදී ජල තත්ත්ව පසුවිපරම් ඒකකය විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩමුළුවේ ප්‍රධානතම අරමුණ වූයේ, ජල තත්ත්වය පසුවිපරම් කිරීමේදී ජාතික පාරිසරික පනතට අනුකූලව තොරතුරු රැස්කිරීම හා දැනුම බෙදා ගැනීමයි. තවද රසායනාගාර ක්‍රියාකාරකම් වලට අමතරව ඒ හා සම්බන්ධ පරිපාලන ක්‍රියාකාරකම් පිළිබඳව ද විස්තර කරන ලදී. සියළු රසායනාගාර  සඳහා ඇමෙරිකානු ප්‍රමිතීන් අඩංගු අත්පොතක් ද මෙහිදී ලබාදෙන ලදී.
මේ සඳහා පරිසර දුෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච් මුතුකුඩආරච්චි මහතා, රසායනාගාර සේවා අධ්‍යක්ෂ ටී. ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. විජේසිංහ මහත්මිය හා පළාත් රසායනාගාර 09හි සේවය කරන පළාත් නිලධාරීන්, ගම්පහ කාර්යාලයේ රසඥ ඇතුළු නිලධාරීන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.
පරිසර දුෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතා විසින් මෙම වැඩමුළුව සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකළ අතර, රසායනාගාර සේවා අධ්‍යක්ෂිකා වසන්තා විජේසිංහ මහත්මිය විසින් රසායනාගාර නිලධාරීන්ගේ වගකීම් පිළිබඳව විස්තර කරන ලදී. මීට අමතරව රසඥ අරුණ විජේසිංහ මහතා විසින් රසායනාගාර විශ්ලේෂණ වලදී තත්ත්ව පාලනය හා තත්ත්ව ආරක්ෂණය සම්බන්ධව ද, රසඥ නිසංසලා බෝපගේ මහත්මිය විසින් උපකරණ භාවිතය, ක්‍රමාංකනය, බඩු ලැයිස්තු නඩත්තු කිරීම් හා ගුණාත්මක රසායනාගාර පුරුදු පිළිබඳව ද විස්තර කරන ලදී.
මීට අමතරව පළාත් 09හි රසායනාගාර කළමනාකරණය සම්බන්ධව පවතින ගැටළු හඳුනාගැනීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

 

IMG-20200205-WA0000IMG-20200205-WA0023IMG-20200205-WA0033IMG-20200205-WA0040

Tuesday, 11 February 2020 09:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න