Tamil-SriLankaEnglish (UK)

ඓතිහාසික සෝමාවතී පුදබිම් භූමියේ පැවති පාරිසරික සත්කාරක වැඩසටහන

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ අති පූජනීය පූජා භූමියක් වන ඓතිහාසික, සෝමාවතී පූජා භූමියේකසළවලින් තොර හරිත පුදබිමක්ඇති කිරීම උදෙසාවන සමාරම්භක වැඩසටහන 2019 ජුලි මස 16 වන දින සෝමාවතී රජමහා විහාරයේ විහාරාධිපති ගෞරවනීය පහමූණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන් හා අධ්‍යක්ෂජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ හා පුලස්තිගම පොලිස් ස්ථානාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ලංකාපුර ප්‍රාදේශීය සභාව, පොළොන්නරුව කිරිමැටිය මහා විද්‍යාලය, පොළොන්නරුව සේවාමුක්ත මහාවිද්‍යාලය, පොළොන්නරුව වීරපුර මහා විද්‍යාලය හා පොළොන්නරුව අඹේපුර මහා විද්‍යාලය යන පාසල්වල පරිසර නියමුවන් එක්ව පරිසරය සුරැකීමේ අගය පිළිබඳව දැනුවත් කිරීමක් කරන ලදී. ප්ලාස්ටික්, පොලිතීන් බහාලුම් වෙනුවට පරිසර හිතකාමී මළු බෙදාදීම සභාපති ඉසුර දේවප්‍රිය මැතිතුමන් හා හේමන්ත ජයසිංහ අධ්‍යක්ෂ ජනරාල්තුමන් සමඟින් පරිසර නියමුවන් එක්ව සිදුකරන ලදී.

කසළ වලින් තොර හරිත පුදබීමක් වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ චන්දන සෙනෙවිරත්න මහතා ඇතුළු පරිසර නිලධාරීන් සමඟින් සම්බන්ධීකරණය කරන ලදී.

IMG 20190716 092519untitled 2 of 1-2untitled 2 of 1-3untitled 2 of 1-5untitled 2 of 1-10untitled 2 of 1-13untitled 2 of 1-17untitled 2 of 1-18untitled 2 of 1-19untitled 2 of 1-21untitled 2 of 1-24untitled 2 of 1-25untitled 2 of 1-26untitled 2 of 1-28untitled 2 of 1-30untitled 2 of 1-32untitled 2 of 1-35untitled 2 of 1-37untitled 2 of 1-39untitled 2 of 1-41untitled 2 of 1-46untitled 2 of 1

Monday, 22 July 2019 09:48 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට.... මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි... තවදුරටත් කියවන්න
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න