Tamil-SriLankaEnglish (UK)

නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට....

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි මස 08 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් කඩුවෙල පොලිස් බල ප්‍රදේශයේ, හෝකන්දර, රත්නාරාම පාරේ පිහිටි   කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරමින් පැවැති පොලිතීන් තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී. මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා  අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව මෙම  වැටලීම සිදුකරනු ලැබීය.

එම ආයතනය පරික්ෂාවට ලක්කිරිමේ දී අනාවරණය වුයේ, වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු ලබන බවයි. මෙම නිෂ්පාදන ආයතනය විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන තිබුණේ, LDPE ග්‍රොසරි බෑග් සහ ෂොපින් බෑග් නිෂ්පාදනය සඳහා පමණක් බව අනාවරණය විය. තවද තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී සොයා ගන්නා ලදී.

රුපියල් ලක්ෂ 05ක පමණ වටිනාකමකින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන  සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර පොලිතීන් තොගය විනාශ කිරීම සඳහා අධිකරණ නියෝගය ලැබෙන තුරු දොම්පේ සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් අංගනය වෙත රැගෙන යන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු හබරකඩ ප්‍රදෙශයේ පදිංචිව සිටින අතර, මෙම කම්හල හෝකන්දර ප්‍රදේශයේ පිහිටා ඇත. ඔහු තහනම් පොලිතීන් නිෂ්පාදනය සම්බන්ධයෙන් 2018 වර්ෂයේ දී ද චෝදනා එල්ල වූ කර්මාන්ත ශාලා හිමිකරුවෙකු වන අතර, යළි ඔහු එම කාර්ය සිදුකරන බව ද අනවරණය විය.

අදාළ කර්මාන්තකරු කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලද අතර, එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2017/09/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී.

323325326329

Tuesday, 09 July 2019 06:36 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න